Wednesday, April 11, 2018

ආමිස පුජාවට නීතියෙන් වැටක් ???



වෙසක් පෝයට තොරණ් තහනමක් සහ එම තොරණ් පෝයට පසු දින පැවැත්වීම ගැන අදහසක් ප්‍රචාරය වේ... එසේ නැති බවද ප්‍රචාරය වේ.

බෞද්ධයන්ගේ සැපයේ ඉහලම ස්ථානය ලෙස සලකන නිර්වාණය අරමුණු කරගත් බෞද්ධයෙක්ට නම් ඒ සදහා වැදගත් වන සිත ඒ අරමුණ වෙත යොමු කිරීමේදී අභ්‍යන්තර වශයෙන් සිත ධර්ම මාර්ගයේ ගමන් කරවීම සදහා එනම් ප්‍රතිපත්ති පුජාවට පළමුව බාහිර වශයෙන් වැදගත් වන සිත ඒ කෙරේ නැඹුරු කරගැනීමට බාහිර වශයෙන් සිදු කරනා මල් පුජා කිරීම, සුවද දුම් පුජා කිරීම සහ තොරණ් ආදිය පැවැත්වීම හෙවත් ආමිස පුජා ප්‍රයෝජනවත් ය ...

ප්‍රතිපත්තියට යා යුත්තේ ආමිසය හරහා ය ...

ඒ අනුව බෞද්ධයාට අදාලව ප්‍රධාන පොහොය දෙකක් වන වෙසක් පොසොන් දිනවල පැවැත්වෙන තෝරණ් වෙත ජනතාව ඇදීම සිදුවන්නේ නම් ආමිස පුජාවෙන් සම්පුර්ණ වන්නට අවස්තාව උදා වේ.

පන්සල් වෙත පෝයට යොමු නොවන උදවිය සිටි නම් එසේ වන්නේ වෙනත් සාධාරණ හේතු නැත්නම් මුලිකව ආමිස පුජාවට ඇති උනන්දුව මදි කම නිසා විය හැකිය. එසේ නම් කල යුත්තේ ස්වේච්චාවෙන් පන්සල වෙත ජනතාව එන ලෙසට පරිසරය සකස් කිරීම මිස තොරණ් බලන්නට යන නිසා පන්සලට ඒම සිදු නොවනු ඇතැයි සිතා ආමිස පුජාවට සහ දහම් දැනුම ලබා ගැනීමට කදිම අවස්තාවක් සපයන මාධ්‍යයක් වන තොරණ පෝය දිනයේ තහනමට ලක් කිරීම නොවේ ...

No comments:

Post a Comment