Wednesday, April 11, 2018

විශ්වාසභංගය පරාජය වීමෙන් පසුව ???

පාර්ලිමේන්තු වරප්‍රසාද / බලතල හැරුණු කල්හි ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරනුයේ පාර්ලිමේන්තුව විසින් අධිකරණ මගිනි ...

විසින්, මගින් හි වෙනසක් ඇතිද එසේ නම් එය ???

පැහැදිලි වෙනසක් ඇත ...

එය වටහා ගන්නට මේ සරල උදාහරණය ප්‍රමාණවත් වනු ඇත !

"ඒ" විසින් දුන් මුදල් හා උපදෙස් මත "බී" මගින් ඒ කාර්යය සිදු කරනු ලබයි.
බි ට වැඩ කරන්නට හැකියාව ලැබුනේ ඒ විසින් දුන් මුදල් හා උපදෙස් නිසාය. එසේ නොවන්නට බි ට වැඩ කරන්නට නොහැකිය ...

බි වැඩ කරනුයේ ඒ ගේ මුදල් හා උපදෙස් යොදවමිනි ... එනම් බි මගින්/හරහා ඒ විසින් කිසියම් කාර්යක් කරගැනීම වේ ...

එනම් අධිකරණ බලයද ඇත්තේ පාර්ලිමේන්තුව සතුවය ...
අධිකරණ කරනුයේ ඒ බලය පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් බැහැරව ස්වාධීනව ක්‍රියාත්මක කිරීමයි ...

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරාජය වීමත් සමග එය පාර්ලිමේන්තුව විසින් ගත් යම් සම්මත කිරීමක්/තීරණයක් බවට සැලකිය හැකි තැන තිබෙනවා නොවේද ...

පාර්ලිමේන්තුවෙන් සම්මත කල පනතක් තබා ගත්තාවූ යෝජනා සම්මතයක් / තීරණයක් අධිකරණය ඉදිරියේ අභියෝග කරන්නට නොහැකි තැන ඇත ...

ඒ අනුව විශ්වාසභංගයට පදනම් වී තිබුණු කාරනා අතර බැදුම්කර සිද්ධියට අදාළ කිසියම් කරුණක්, කරුණු / චෝදනාවක්, චෝදනා ද වේ නම් විශ්වාසභංගය ඉවත දැමීම හරහා ඒවා පාර්ලිමේන්තුව විසින් බහුතර චන්දයෙන් ඉවත දැමීමක් පෙන්නුම් කල නිසාවෙන් එය පිලිබදව ඉදිරි නීතිමය කටයුතු අධිකරණය මගින් කිරීමට ඇතිවූ බාධාවක් ලෙසින් සැලකිය හැකි තැන තිබෙනවා නොවේද ...?

 මේ පිලිබදව ක්ෂේත්‍රයේ ප්‍රවීණ නීති විශාරදයින් සිය මත පල කල යුතු අතර අවැසි අවස්තාවලදී අධිකරණයේ අවධානයට ලක් කල යුතුද වෙයි.

No comments:

Post a Comment