Wednesday, April 11, 2018

එලන්බරෝ සිද්ධාන්තය/ආප්තය



එලන්බරෝ සිද්ධාන්තය/ආප්තය :

පැමිණිල්ල විසින් විත්තිකරුවකුට එරෙහිව ප්‍රභල නඩුවක් ( Strong Primafacie case ) ගොඩ නැංවූ කල ඒ සියලුම පරිවෙෂනිය සාක්ෂි තුලින් එළඹිය හැකි එකම නිගමනය ( Inference ) විත්තිකරු විසින් චෝදිත වරද කල බව හෙළිවීම වන විට, එසේ නොවෙන බවට තමා විසින් එයට පැහැදිලි කිරීමක් නොකොට විත්තිකරු නිහඩවම පසු වුයේ නම් එසේ නිහඩ වුයේ සිය වරදකාරිත්වය තහවුරු වන නිසා බවට සැලකීම වේ / පිළිගැනිම වේ.

1814 දී රජ එ. කොක්රෙන් නඩුවේදී එලන්බරෝ සාමිවරයා විසින් දක්වන ලද්දක් යැයි පිළිගැනිම වේ ... ශ්‍රී ලංකාවේ ද පිළිගත් සිද්ධාන්තයකි.

සිමන් එ. රැජින
රජු එ. එන්දොරිස්
ප්‍රේමතිලක එ. ජනරජය
ඉලංගන්තිලක එ. ජනරජය
බද්දවිතාන එ. නීතිපති
අජිත් සමරකෝන් එ. ජනරජය
පොට්ට නවුෆර් එ නීතිපති

ඒ අනුව


* පැමිණිල්ලේ වාසියට ඇති නීති මුලධර්මයකි.
* විත්තිකරුට නිහඩව සිටීමට ඇති අයිතියට ව්‍යාතිරේකි අවස්ථාවකි.
* ~ සාක්ෂිකරුවන් බොරු කලද අවස්තාව බොරු නොකරයි ~ යන මුලධර්මය අනුව පරිවෙෂනිය සාක්ෂි එකතුවෙන් විත්තිකරුට එරෙහිව ප්‍රභල නිගමනයක් ගොඩ නැගේ.

~ එනයින්ම ඔප්පු වේ ~

අමුතු පැහැදිලි කිරීමක් අවශ්‍යද නැත. යම් කිසි නිශ්චිත පුද්ගලයකු විසින් සිය දුෂිත මනස මෙහෙයවා කල සාවද්‍ය ක්‍රියාවේ ප්‍රතිපලය එනම් සිදුවූ සිදුවීම පරිවෙෂනිය සාක්ෂි සියල්ල මගින් කොතරම් දුරට මනාව ඉදිරිපත් කරන්නේද යත් ඒ විත්තිකරුට කට අරින්නට නොහැකි වන තරමටය.

කරන්නට බැරි දෑ කිව්වද කියන්නට බැරි දෑ නම් කිසිවිට නොකරන ලෙසට බණකදීත් අහන්නට ලැබුනා මතකය ...

සමහරක් නම් නිතිය තබා බණ පදයක්වත් තඹ සතයකට මායිම් නොකරනවා විය හැකිය.

ඒ අනුව කියන්නට බැරි දෑ කළ එවන් අයකු නීතියට හසුවූ කල අවසානයේ සිදුවනු ඇත්තේ ඔන්න ඔය ටිකය. එනම් එතෙක් තිබු නිර්දොශිභාවයේ භාවයේ සළු පිලි එකිනෙක ගැලවී ගොස් සැබෑ ස්වරුපය ලොව හමුවේ හෙළි වී අවසානයේ කට උත්තරද නැතිව යාමය.

එතනට පත්විමම එවන්නෙකුට හොද දඩුවමකි ...

No comments:

Post a Comment