Wednesday, April 11, 2018

අමතර කොපියක් තබා ගැනීමේ වැදගත්කම

සහතික පිටපත් තබා ගැනීමේදී නම් මුදල් ගෙවූ බවට දෙන්නාවූ කහ පාට රිසිට් පතේ කොපියක් තබා ගැනීම / ෆොටෝ එකක් හෝ ගෙන තබා ගැනීම පැහැදිලිව වටි ...

ඕවායේ මොකටද ෆොටෝ කොපි ගන්නේ / ෆොටෝ දාගන්නේ ? යැයි ජේෂ්ඨ නීතිඥතුමා ඇසුවද මා අත වූ රිසිට් පතක් නම් එවැන්නක් තිබු බවට සාක්ෂියක් තියා ගනිමි ...

මන්ද යත් එය අස්ථානගත විය හැකි නිසාවෙනි. විශේෂයෙන් ලබා ගන්නේ සැලකිය යුතු ගණනක සහතික පිටපතක් නම් ඔය රිසිට් එකේ පොටෝ කොපියට හෝ චායාරුපයට යන වියදම කාලය වාගේ නොව යම් හෙයකින් එය අස්ථාන ගත වුවහොත් මුදල් ගෙවූ බවට බැලු බැල්මට පෙනෙන සාක්ෂියක් නොමැතිවීමෙන් මුදල් ගෙවුවාද යන ප්‍රශ්නය මතුව සහ සහතික පිටපතේ රිසිට් අංක ආදිය සටහන් කිරීමට අවැසි නිසාවෙන් නැවත රිසිට් පතක් ලබා ගැනීමට සිදුවිය හැකිය.

ඔය ලිව්වා වාගේම දෙයක් ඊයේ සිදුව තිබුනි ...

සහතික පිටපත ලබා දීමට මුදල්ද ගෙවා එය ලබාදීමට අහවලා අතට රිසිට් පත දී තිබියදී අහවලා විසින් තමා ලග නොව එය ඇත්තේ අහවලා ලග බවත් ඒ අහවලුන් දෙදෙනාම ලග එය නොමැතිව අවසාන ප්‍රතිඵලය ලෙස රිසිට්පතක් නොමැති ය යන පදනම මත නැවත රිසිට් පතක් මුදල්ගෙවා ලබා ගැනීමට සිදුවුණු බව මිතුරෙකු මා වෙත දැනුම් දෙන ලදී ...

දිනක් සහතික පිටපතක් ගැනීමට මෝසමක් සකස් කර සහතික පිටපත් පොතේ ලියා පොත තුල මෝසම තබා කාලයක් ගිය පසුව එයට වුයේ කුමක්දැයි සොයා බැලීමට ගිය කල්හි මෝසම අස්ථානගතව තිබුණි. මා ලග තිබුණු කොපියක්ද පෙන්වන ලදී. ඉන් පසුව "මහත්තයා තරහ නැතිව තව එකක් දානවද" කියා මාගේ කණට කර කාර්යාල සේවකයා පවසනු ලැබුවේ තමා අතින් එය නැතිවුණු බව නොකියා පිළිගනීමිනි. එහි කොපියක් මා ලග තිබුණු නිසා එය නැවත පහසුවෙන් සකසා ගත් මුත් අත්සන හා සිල් එක ගැනීමට නැවත කාලයක් ගතවිණි.

රිසිට් එක නැති උනා කියා එය සගවා කියක් හෝ කඩා ගත්තා නොවන්නට ඊයේ වන්නට ඇත්තේද එවැන්නකි.

රිසිට් පතක් නැතිවීමකදී රිසිට් පතක් අලුතින් ම ගැනීම අත්යාවශ්යමද යන්න තව දුරටත් සොයා බැලිය යුතු කාරණයක් වන්නේ මෝසමේද රිසිට් පතේ කරුණු සටහන් කරන නිසාවෙනි ...
( එවැන්නක චායාරුපයක් දැමිම තබා ලග තබා ගැනීම හෝ සුදුසු නැත්තේ Day Stamp කල පසුව / උසාව් සිල් එක තැබූ පසුව එය උසාවි ලේඛණයක් බවට පත්වෙන නිසාවෙනි ... )
එසේ ම අපට ලබාදෙන්නේ රිසිට් පතේ මුල් පිටපතයි, තවත් පිටපතක් උසාවි කාර්යාලයේ තිබිය යුතුය ...

වැඩ රාජකාරි අතරේ අතපසු වීම් විය හැකිය. එහෙත් ඔහොම සිහි නැති උදවිය එක්ක වැඩ කරන්නට ද පහසු නැත ... අමතර කාලය සේම වියදමක්ද දරන්නට සිදු විය හැකි නිසාවෙනි. ඒ අනුව එවැන්නවුන් ට අනුව හැඩගැසීම වටි ...

නැති උනා යැයි කියූ මෝසමේ කොපියක් මා පෙන්වූ විට ලැබුණු ප්‍රතිචාරය ලෙසින් නැති උනා යැයි කියනා රිසිට් පතේ කොපි එකක් තිබී පෙන්වුයේ නම් තමා අතින් නැති උනා යැයි කියා වරදද පිළිගත හැකි මුත් ඉන් ඔබ්බට නම් පහසුවක් අප වෙත ලබා දෙන්නට ඔවුන් සැරසෙනු ඇතැයි විශ්වාස කල නොහැකිය ...
ඒ අනුව අනවශ්‍ය ලෙසින් පාඩු දරාගැනීමට පෙර "අනේ සොරි ඒක නැති වෙලා" කිවහොත් අඩුම ගානේ "මේ තියෙන්නේ කොපියක්" ආයෙම ගෙවන්න දෙයක් නෑනේ දැන් වැනි දෙයක් කියමින් පෙන්වන්නට හෝ කොපියක් ලග තබා ගැනීම අප විසින් කල යුතුම දෙයකි ...

 එවිට ඔවුන්ද ඊලග දවසේ සිට මදක් හෝ සැලකිල්ලෙන් ඔබගේ වැඩය කෙරෙහි හෝ ක්‍රියාත්මක වනු ඇත ...

No comments:

Post a Comment