Wednesday, April 11, 2018

අලුතින් දිවුරුම් දෙන ඔබට ...



"අයියේ මම දිවුරුම් දෙන්නේ ............. බලන්න එන්න" ලෙසින් ආරාධනා කීපයක්ම ලැබුණි. විවේකයක් තිබුණහොත් අනිවාර්යෙන්ම එමි.

එසේ ආවා නැතා අලුතින් දිවුරුම් දෙන ඔබට පොදුවේ වැදගත් විය හැකි කාරණා කීපයක් මාගේ වසරක වෘත්තීය අත්දැකීම් ඇසුරින්, මා සමග බෙදා ගත් අනෙකුත් වෘත්තිකයන්ගේ අත්දැකීම් ඇසුරින් සහ අහන්නට දකින්නට ලැබුණු දෑ ඇසුරින් ලියන්නට කල්පනා කලෙමි.

- පුද්ගලයකු නියෝජනය කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔබට ලැබෙන බලපත්‍රය / බලය එනම් වරම භාවිතා කල යුත්තේ නීතියට අනුවය. සියලු පියවර ඒ අනුව ගත යුතුය.

- අධිකරණයේ සේවාදායකයකු වෙනුවෙන් පෙනී සිටීම ඉතාම පහසු දෙයක් බව බලන අයකුට පෙනී ගියද එක එතරම්ම සරල නැති වගකීම් සහිත / බාරදුර කාරණයක් බව නිතරම කල්පනාවේ තබා ගැනීම.

- කල් වේලා ඇතිව අධිකරණ ශාලාවට යාම.

- අධිකරණය ඉදිරියට යා යුත්තේ නඩුවේ මෙතෙක් සිදුකර ඇති පියවර ( Steps ) ගැන යම් අවබෝධයක් හෝ ඇතුවය.

- සිවිල් නඩුවක් වේවා අපරාධ නඩුවක් වේවා අධිකරණය ඉදිරියට යා යුත්තේ නඩුවේ වත්මන් පියවර ගැන හොදින් අවබෝධය ඇති නම් සහ එය කිරීමට තමන්ට හැකියාවද ඇත්නම් පමණි.

- නොදන්නා හෝ සැක සහිත පියවරක් නම් පෙනී සිට්මට පළමුව ජේෂ්ඨ නීතිඥතුමාගෙන් හෝ සහෝදර වෘත්තිකයෙකුගෙන් අසා කල යුතු දෑ පැහැදිලිව දැනගැනීම.

- අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමේදී එය වෙනත් වෘත්තිකයකු කරනා ආකාරයෙන් අනුකරණය කිරීමක් කල යුතු නැත. ඉල්ලිය යුතු ඉල්ලීම ( Application ) තමන්ගේ ආවේණික ශෛලියට කල හැකිය.

- යම් ඉල්ලීම අධිකරණයේ කිරීමට පෙරදී එයට වැදගත් වන තමන්ගේ අයිතිය ලැබූ මුලාශ්‍රය ගැන නිසියාකාරව හෝ දැනගෙන යාමෙන් ඔබ අපහසුවට පත්වීම වලක්වා ගත හැකිය ...

- නඩු ලැබෙන නිසාම හෝ මුදල් ලැබෙන නිසාම නඩු බාර ගැනීම සුදුසු නැත. ඔබට තවත් එක් නඩුවක් වුවද ඔබගේ සේවාදායකයාට එය තමන්ගේ ජිවිතයම විය හැකි නිසාය ...

- නීතියට අනුව ඔබගේ පියවර ගත් පසුව සේවාදායකයා ඔබව මග හැරියත් අවැසි නම් ඔහුව අල්ලා ගැනීමට නිතිය ඔබට සහය වෙනු ඇත ...

- පෙනී සිටින නඩු ගැන විස්තර එදිනෙදා කල දෑ ගැන වාර්තා තබා ගැනීම මගින් ඔබ කලා යැයි විශේෂයෙන් නොකළා යයි වෙනත් කෙනෙක් කියනා දේ ගැන / ඔබට එල්ලවිය හැකි චෝදනාවකට පිළිතුරු සැපයීමට පහසු වනු ඇත ... විශේෂයෙන් ජේෂ්ඨ නීතිඥවරයා / වරුන් ගෙන් ලැබුණු වැඩ කටයුතු ගැන / ඒවා ඔබ සම්පුර්ණ කල ආකාරය ගැන සටහන් දමා ගැනීම.

ජේෂ්ඨ නීතිඥවරයාගේ / වරුන් ගේ ලේඛණ / ෆයිල් ආදිය මනාව ආරක්ෂා කිරීම හා ඒවා පිටපත් කරගන්නේ නම් අවසර ඇතුවම එය සිදුකිරීම සහ අධ්‍යයනය සදහා ඉල්ලා ගත්තේ නම් ඉන් පසුව හැකි ඉක්මනින්ම ඒවා බාර දීම.

- ජේෂ්ඨ නීතිඥවරයකුට හෝ සමකාලින වෘත්ටිකයෙකුට කිසියම් පොරොන්දුවක් වුවහොත් එය ඒ ආකාරයෙන්ම ඉටු කිරීම.

- ඔබ සේවය සදහා නොපැමිණෙන්නේ නම් / එන්නට නොහැකි තත්වයක් උදා වුවහොත් ඒ බව ජේෂ්ඨ නීතිඥවරයාට හෝ / දැනුම් දිය යුතු වෙනත් පාර්ශවයක් වේ නම් දැනුම් දීම.

- ඔබගේ නොපැමිණීම නිසා පාර්ශවයකට සිදුවිය හැකි කිසියම් පාඩුවක් වේ නම් එය වැලක්වීමට හැකි උපරිම පියවර ගැනීම.

- අනාගත වැඩ කටයුතු අනාගතයට කල් නොදමා අද අදම කරගැනීමෙන් එනම් යම් ඉදිරි දිනකට නඩුවක නියමිත පියවර කුමක්දැයි කල් තියා සැකහැර දැනගෙන ඊට කල්තියා සුදානම් වන්නේ නම් එය ඔබගේත් සේවාදයකයාගේත් පහසුවට හා යහපතට හේතුවනු නියතය.

- ඔබට කලින් දිනක් හෝ වෘත්තියේ නිරත වුවෙකු ඔබට ජෙෂ්ඨයෙකි. ඔහුගේ / අයගේ ජෙෂ්ඨතත්වයට සැලකීම තුලින් ඔබගේ තත්වයද සමාජ ගත වනු ඇත ...

- "ඔව්" "පුළුවන්" සේම "නෑ" "බෑ" වචන දෙකම සුදානම් කොට ( Standby ) තබා ගැනීමෙන් ඔබ අනවශ්ය ලෙස අමාරුවේ වැටීමෙන් වැළකෙනු ඇත ...

- දැනුම බෙදා ගැනීම.

- නිල ඇදුම පිලිබදව සැලකිලිමත් වීම.

- අනෙකුත් වෘත්තීන් / රැකියාවලදී මෙන්ම මානසික නිරවුල් හාවය, විවේකය, මනා සෞඛ්යය හා යාවත්කාලින වූ දැනුම ආදිය නීතිඥ වෘත්තීය සදහාද වැදගත් වන නිසා ඒ පිලිබදවද සැලකිලිමත් වීම.


ඔබට ජය ...

No comments:

Post a Comment