Wednesday, April 11, 2018

සියදිවි රැකගන්න ...



දුම්රිය, නැවතුමේ නැවතුන පසුව "කවුද කෝච්චියට පැනලා ..."

ඇසුණු ගමන් ස්නායු වලට අකුණක් ගැසුවා මෙන් වුවත්

~ ස්වෙච්චා හානිය වරදක් නොවේ ~

යන්න මතකයට පැමිණ එසැනින්ම වාගේ මොකාද ඒ අපේ කාලේ කාපු පෞරුෂයක් නැති කාලකන්නියා කියා සිතුනි ...

කියට කොලඹට යන්න වෙයිද දන්නේ නෑ, නඩුවට යා ගන්න පුළුවන් වෙයිද යැයි කියා සිතෙනවත් සමගම

~ අයිතියක් ඇති තැන පිලියමක් ඇත ~

යන්න මතකයට පැමිණ පැනපු ඇත්තා අත පය කඩාගෙන හෝ ජීවත්ව සිටියේ නම් උන්දෑට නඩු දමා වන්දියක් ගන්න වටිනවා නොවේදැයි යැයි ඊළගට සිතුනි ...

එහෙත් දුම්රිය වැඩි වෙලාවක් නොගොස් ඉදිරියට ඇදුනි ... ඒ කියනා සිදුවීම අප ගිය දුම්රිය මාර්ගයේ සිදුවූවක් නොවේ ...වෙනත් දුම්රිය මාර්ගයක නවතා තිබු දුම්රියක් අසල බොහෝ පිරිසක් විය ... එනම් සිදුවීම වී ඇත්තේ එහි විය යුතුය ...

~ පුද්ගල නඩුකරයක් පුද්ගල මරණයෙන් අවසන් වෙයි ~

No comments:

Post a Comment