Wednesday, April 11, 2018

ආසනයක් පරිත්‍යාග නොකරන බෞද්ධකම ...



ස්වාමින් වහන්සේ නමක් ලගට ඇවිත් ආසනයක් ඉල්ලලත් නොදුන්න මනුස්සයෝ කීප දෙනෙක් මම නම් ඔය දැක්කමයි ...

අපේ පැත්තට එද්දී මට කලින් එහා පැත්තේ මනුස්සයා කතා කරලා සිට් එක දුන්නා ...

එතැන් පටන් හාමුදුරුවෝ අපුරු දේශනාවක් කළා සිංහල-බෞද්ධයෝ කියලා හිතන් ඉන්න එත් ප්‍රායෝගිකව එහෙම බෞද්ධකමක් ගෑවිලාවත් නැති අයට උන් හිටි තැන් දාල දුවන මට්ටමට ...

ස්වාමින් වහන්සේ නමකට ආසනයක් දෙන්න උනන්දුවක් නැති එහෙව් ඇත්තෝ බෞද්ධයෝ ද කියන එකටත් එහාට ගිහිල්ලා සිහිවිකලත්වයක් නැති අය නම් නිතියක් කඩ කලා නොවේද කියලා අහන්න වටිනවා. හාමුදුරුවෝ ඒ ගැන වචනයක් හෝ කතා කළා නම් සහය දෙන්න උනත් මම හිතන් උන්නා.

ස්වාමින් වහන්සේ නමක් එහෙම ප්‍රායෝගික කාට උනත් හිතන්න දේවල් ඉතිරි කරන දේශනාවක් දුම්රියක ඉදන් කරනවත් මම නම් ඔය දැක්කමයි ...

පටිගත කරලා ෆේස්බුක් උනත් දැම්මට කමක් නෑ කිව්වා නිසා පටිගත කරගත්තා.

පන්සලකට යන්නේ නැති බෞද්ධයෝ ඒ ගියා හෝ නැතා කොහේ හෝ ඉදන් අහණ බණ ප්‍රායෝගික නොකරන නාමික බෞද්ධයෝ

 පන්සලකට යන්නේ නැති බෞද්ධයෝ ඒ ගියා හෝ නැතා කොහේ හෝ ඉදන් අහණ බණ ප්‍රායෝගික නොකරන නාමික බෞද්ධයෝ උනත් දුම්රිය කියන පොදු ප්‍රවාහණ සේවය පාවිච්චි කරනවා ඇතිනේ. ඒ නිසා පන්සලක තිබ්බට වඩා ඒ දේශනාව කාටත් දැනෙන්න ඇති සැක නැතිවම ...

No comments:

Post a Comment