Wednesday, April 11, 2018

රිය පදවන්නේ කවුරු වුවත් හෙතෙම රියදුරෙකි.



~ නිතිය නොදනිම ක්ෂමන හේතුවක් නොවේ ~

~ හැම තැනැත්තෙක්ම විසින් දැන සිටියා යුතු වූ කරුණු නොදැනීමද ක්ෂමන හේතුවක් නොවේ ~

~ උමතු වුවෙක් උමතු බවින්ම පමණක් දඩුවම් ලබයි ~

~ බිමත්ව පව්කම් කරන්නාට සිහි ඇති විට දඩුවම් කල යුතුය ~

~ අයිතියක් ඇති තැන පිලියමක් ඇත ~

ආදී ලෙසින් වරදට පත්වූ අයට දඩුවම් පිණිස සහ අගතියට පත්වූ අයට සහන පිණිස ඇති නීති මුලධර්ම ගණනාවක්ම තිබෙන බව සැබෑය. එහෙත් සිදුවූ වරද එයින් 100% ක්ම නම් නිවැරදි කල හැකි නොවෙනු ඇත ...

රිය පදවන්නේ කවුරු වුවත් හෙතෙම රියදුරෙකි. රියදුරා කවුරුන්ද යන්න රිය ප්‍රවේශමින් පැදවීමේ වගකීම වැඩිවීම යන්න සදහා මිසක අන් කාරණයකදී වැදගත් ලෙස සැලකිය යුතු නැත. රියදුරා කෙලෙස රිය පදවුයේද යන්න පමණක් වැදගත්ය ...

( රියදුරෙකු අතින් වන අනතුරකදී විත්තිවාචක තිබිය හැකිය )

ඇතැමුන් මෝඩ කමට අයිතියක් යැයි කියනා තොලකට තේමාගෙන නවතින්නට බැරි නම් ඒ ජරාව ඇතුලත් හැළියක බැස සිටියද අපිට කම් නැත. එහෙත් බිමත්ව රිය පැදවීම තමන්ගේ පැත්තෙන් සේම / ඊටත් වඩා අනිත් ඇත්තන්ගේ පැත්තෙන් නුසුදුසු බව සිතුවේ නම්

එනම්

~ පරිස්සම්කාරි වීම සුව කිරීමට වඩා අගනේය ~

යන නීති මුලධර්මය අනුව හෝ කටයුතු කලේ නම් බොහෝ විපත් වලක්වා ගැනීමට හැකි වනු ඇත ...

No comments:

Post a Comment