Sunday, April 22, 2018

නීතියේ ආධිපත්‍යය රැකිය යුතුය. එහිදී ???

අදහස් කියන්න අයිතිය ඇතැයි කියා ඒ අදහස් අතරට "මේ රටේ නීතියක් නෑ ... " , "නීතිඥයින් මෙහෙමයි" ...... ලෙසින් නිතර නිතර දක්වන්නට ගියහොත් එය සාමාන්‍ය මතයක් බවට පත්ව සියලු දෙනා කෙරේ එසේ සිතන්නට පෙළඹෙන්නට බෙහෙවින් ඉඩ ඇති බව එසේ විවේචනයට උනන්දු අය විශේෂයෙන් සහෝදර වෘත්තිකයන් මදක් සිතා බැලිය යුතු කාරණයකි ...

එවැනි දෑ සමාජ ගත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ වංචාව දුෂණයට එරෙහිවීම විය හැකි ය ... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික යුතුකම් අනුව බැලු කල එය විය යුතුම දෙයකි.

එහෙත් ,,,

එම බලාපොරොත්තුව ඉටු කරගැනීමට ගොස් වෘත්තියට සහ සමස්ත වෘත්තිකයන් සම්බන්ධව මතු නොවිය යුතු චිත්‍රයක් මතු වෙන මට්ටමට නම් ඒ විවේචනය එබදු ලෙසින් නොකළ යුතුද වේ ... එලෙස වග බලා ගන්නා ලෙසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා සිටි ...

මන්ද එසේ නොවුන හොත් ඒ කුලකයට නොවැටෙන තමාගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගෙන ක්‍රියාත්මක වන්නාවූ වෘත්තිකයන්ට, එබදු විනිසුරුවරුන් ගැනද මතුවිය හැකි සමාජ මතයත්, ඒ නිසාම එවන් අය පත්විය හැකි අපහසුතාවය ද සුළු පටු නොවිය හැකිය ... යම් හෙයකින් එනිසාම ඔවුන්ද සිය මාවත වෙනස් කල හොත් ???

"මේ රටේ නීතියක් නෑ ... " , "නීතිඥයින් මෙහෙමයි" ...... ලෙසින් නිතර නිතර දෙසවනට වැකෙන කල්හි, දකින්නට ඇති කල්හි ...

* දැනට වෘත්තියේ නිරත වන යම් කලෙකදී එයින් ඉහලට ගොස් නිතිපති දෙපාර්තුමේන්තුව / අනිකුත් වැදගත් ආයතන වලට යන්නට සිතා සිටිනා අයහට සිතෙනු ඇත්තේ මොනවද ???

* දැනට වෘත්තියේ නිරත වන යම් කලෙකදී විනිසුරුවරයෙකු වන්නට බලාපොරොත්තු වන්නෙකුට සිතෙනු ඇත්තේ මොනවද ???

* දැනට නිතිඥ වෘත්තියට ප්‍රවේශ වීමට බලාපොරොත්තුවන නීති සිසුන්ට සිතෙනු ඇත්තේ මොනවාද ???

* අනාගත බලාපොරොත්තුවක් ලෙසින් වෘත්තියට ප්‍රවේශ වීමට සිටිනා අයහට සිතෙනු ඇත්තේ මොනවාද ???

* සාමාන්‍ය ජනතාව සිය ගැටළු උසාවිය වෙත ගෙන ආවද වැඩක් නැතැයි සිතා තම තමන් විසින්ම නීතියට පිටින් විසදා ගන්නට උනන්දු වන්නට ඉඩ නැතිද ???
ඔවැනි තත්වයක් මතුවන්නේ නම් ඔය කියනා නීතියේ ආධිපත්‍යයට ( RULE OF LAW ) වනු ඇත්තේ කුමක්ද ???

වැරදි ඇත්නම් ඒවා පවත්නා පද්ධතිය බිද වැටෙන්නට ඉඩ නොදී නිවැරදි කරගත යුත්තේ එබැවිනි ...
කිහිප දෙනෙක්ද අදහස් දක්වා තිබෙනා ලෙසින් ඔය අඩුපාඩු ඇතැයි කියනා සියලු දෙනාද ඔබ අප වැනි මනුෂ්‍යයන් ය ... ධර්මයට අනුව බැලුවොතින් මනුෂ්‍ය වී ඉපිද සිටියද ලෝභ ද්වේශ, මෝහ අප කා තුලත් ඇත. එනම් වැරදි සිදුවන මුලයන්/හේතු අප සැම සතුව ඇත.

වෙනස වන්නේ ඔවුන්ගේ අඩුපාඩු වැඩියෙන් තිබීම ය ... එය බොහෝ ප්‍රවේශමින් විවේචනයට බදුන් වීමේ වරදක් නැත ...

වරදක් කලේ නම් සමාවක් දෙන්නටම නොහැකි මට්ටමේ නම් දඩුවමක් දීමේ කිසිදු වරදක් නැත. එසේ කල යුතුද වෙයි ... එයට විරුද්ධ වන්නට සාමාන්‍ය සිහි බුද්ධිය ඇති කිසිවකුට කිසිදු යුක්ති සහගත පදනමක් තිබිය නොහැකිය ...

එහෙත් එය කල යුත්තේ කාගේත් තත්වය හැකිතාක් ආරක්ෂා කරගෙන එය කල යුතු යැයි සම්මත හොදම විදියට ය ...

එසේ දඩුවමක් දුන් පසුව / නිසි බලධාරයකුගේ අවධානයට ලක් කොට විසදුමක් ලැබුණු පසුව නම් එය හෙළි කලාට කම් නැත ... ( එතැනදීද නීතියේ සිමා සලකමින් ) මන්ද එවිට සිදුවන්නේ

- වැඩක ප්‍රතිපල පෙන්වමින් කියනා දෙයක් නිසා එයට වැඩි වටිනාකමක් එකතු වීමය ...
- පහර වැදුනත් වදින්නේ වැදිය යුතු නියම තැනැත්තාට පමණකි ...
- එවැන්නක් මාධ්‍යයක හොට් නිවුස් ලෙසින් ප්‍රචාරය වුවත් එයින් වනු ඇත්තේ යහපතක්ම පමණි ...

No comments:

Post a Comment