Wednesday, April 11, 2018

දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ තීන්දුව ...



නඩු තීන්දුවෙන් විත්තිකරු චෝදනා කරන ලද වරදට / වරදවල් වලට වරදකරු වීමේදී සිදුවන්නේ උත්තරීතර නීතිය හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) මගින් පිරිනමා තිබු නිර්දෝෂීභාවයේ සළුපිලි ගැලවී යාමය ...

නඩු තීන්දුව කියවා දීමෙන් පසුව ඊළගට වන්නේ කුමක්දැයි පැහැදිලිය.

දණ්ඩ නීති සංග්‍රහයේ 296 යටතේ දඩුවම් කල හැකි වරදක් කල බව චෝදනා කොට ඒ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට එනම් ඉදිරිපත් කර ඇති කරුණු අනුව චෝදනා කර ඇති වරද විත්තිකරු විසින්ම සිදු කල බවට මිස වෙනත් පැහැදිලි කිරීමක් කරන්නට නොහැකි මට්ටමට ගරු අධිකරණය සෑහීමට පත් වන අවස්ථාවකදී ,,,

තත්වය කනගාටුදායක ය ...

නඩු තීන්දුව කියවා දීමට පෙර කිව යුතු දෙයක් වේදැයි විත්තිකරුගෙන් අසනු ලැබේ ...

එය සටහන් කරනු ලබයි ...

ඉන් පසුව තීන්දුව කියවා දී දණ්ඩනය නියම කිරීම වේ ... එහිදී අදුරු පසුබිමක, අධිකරණ ශාලාවේ සියලු දෙනාට නිහඩව සිටීමට අණ කිරීමක්ද සිදුවන්නේ සාමාන්‍ය දඩුවමක් නියම කිරීමට වඩා මොකද්දෝ අමුත්තක් ඇති බව කාටත් පෙන්නුම් කිරීමට මෙනි ...

තීන්දුව ලියු පෑනද කඩා දමනු යැයි කියවේ ...

මා එවැනි අවස්තාවක් අහම්බෙන් ගම්පහ මහාධිකරණයේ දී කලකට පෙර දුටුවා මතකය ...

මතකය අලුත් වුයේ එවැනි අවස්තාවක් දැක නැතැයි කි මිතුරෙකු නිසාය. මා කිවේ තීන්දු නඩුවක් ඇති අවස්තාවක් බලා එය බලන්නට යමු කියාය ... ඒ මිතුරාගේ අවශ්‍යතාවය වෙනුවෙනි ... එහෙත් මා කල්පනා කලේ මා සැබවින්ම කලේ තවත් පුද්ගලයෙකුගේ ජිවිත ගමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) ට අනුව අවසන් කරන්නට තීන්දු කරනවා බලන්නට යමු කිවා නොවේදැයි කියාය ...

No comments:

Post a Comment