Wednesday, April 11, 2018

දුරකථනය භාවිතයේදී ...



දුරකථන ඇමතුමක් ??? නොහදුනන අංකයකින් ...? උදේ පාන්දර කාර්ය බහුලම වෙලාවක ???

නොහදුනන හෙවත් Unknown අංක වලින් එන ඇමතුම් වලට පිළිතුරු දෙන්නට මා එතරම් මනාප නැත ...

එක හේතුවක් නම් ...

මහත්තයා ගඩොල් ටික ගෙනාව බාන්නද ...? සිමෙන්ති කොට්ට කියක් ඕනෙයි? ලොකු අයියේ මහප්පා ඉන්නවයි ?

ඇතැමුන් සිහි කල්පනාව නොමැතිව අංක වරදවා අහනා ඔයවාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට මාගේ වැඩ රාජකාරි කිසිදු පදනමක් නැතිව මදකට හෝ නවතාගන්නට අවශ්‍ය නැති නිසාය ...

එහෙත් ඔබ එසේ සිතන්නේ නැත්නම් ඒ ඔබ හිතනා හැටිය ... මා ලිව්වේ මා හිතනා හැටිය ...

තවත් හේතුවක් නම් ...

අහක යන මොන ලෙඩක් වටෙන්නේදැයි පුර්වෙක්ෂණය කරන්නට නොහැකි නිසාය ...

එහෙත් ඔබ එසේ සිතන්නේ නැත්නම් ඒ ඔබ හිතනා හැටිය ... මා ලිව්වේ මා හිතනා හැටිය ...

උදෑසන වැඩට යන්නට පෙර කන බොන වෙලාවට, ඇදුමක් ඇද ගන්නා වෙලාවට, බඩු මුට්ටු සේරම ගත්තාදැයි නැවත පරික්ෂා කරද්දී ඔය සියල්ල සමගින් රාජකාරියට කලට වෙලාවට යන්නට වෙලාව සමග සටන් වදින කල තව දුරකථන ඇමතුමක් එනවා කියන්නේ ඒ ගැන ඇති වන හැගීම පැහැදලි කරන්නට වචන නැත ...

( එහෙත් ඔබ එසේ සිතන්නේ නැත්නම් ඒ ඔබ හිතනා හැටිය ... මා ලිව්වේ මා හිතනා හැටිය ... පයින්, බස් එකක, තව දුම්රියක ද පැමිණ උසාවිය වෙත ලගා වෙන මා වැනිම දුරක සිට එන අයකුට මිසක අන් අයකුට දුරකථන ඇමතුමක් නිසා සිදුවන විනාඩියක හෝ ප්‍රමාදය අවබෝධ කරගන්නට නොහැකි වනු ඇත ... )

එසේ වුවත් දන්නා අංකයකින් නම් එන ඇමතුම ගන්නේ කතා කරන කෙනා ගැන සිතාය ...

වරක් ඇමතු පසුව පිළිතුරු නැත්නම් නැවත ඒ මොහොතේම ඇමතීම ටැලිෆෝන් එතික්ස් වලට අනුව සුදුසු නැතැයි කියයි ...එහෙම කිව්වා නැතා එසේ විය යුතුද වෙයි ... අමතුමකට ප්‍රතිචාර නොදක්වන්නේ ඒ වෙලාවේ ප්‍රතිචාර දක්වන්නට බැරි නිසා හෝ අකමැති නිසා බව අමතන්නාට සරලව තේරුම් ගත හැකිය. එසේ විය යුතුද වෙයි ...

- එහෙත් එසේ නොමැතිව නැවත නැවත අමතන්නේ නම් ...
- කාර්ය බහුල වේලාවකදී නම් ... ( ඒ බවට දිවැස් නැතත් අමතන්නෙකුට සාමාන්‍යයෙන් සිතිය හැකි / සිතිය යුතුද වන කාරණයක් වෙයි )

- තව නොදන්නා අංකයක්ද වෙද්දී ...

තත්වය කෙසේ විය හැකිද ??? එවන් වූ තත්වයක් අද උදෑසන උදා විය.

දෙවෙනි වතාවෙන්ද නොනැවතී නැවත ඇමතුම ආ කල්හි නොහදුනන අංකයකින් නොනවත්වා අමතමින් වෙලාව සමග සටනක නිරත වෙමින් සිටින උදෑසනම ඇණයක් වුයේ කවුරුන්දැයි බැලීමට ඇමතුම ගත්තෙමි ...

හලෝ කියා මා කිව්වේ ඊටත් වඩා නිවරදිව කිව හොත් කීය උනේ මේ උදේ හදිස්සි වෙලාවේ කතා කරන්න එපා, ඇයි මොකද්ද වෙන්න ඕන කියාය ... බැලින්නං අදුරන ළමයෙකි ... එහෙත් පිළිතුරු ලෙස "ආ නෑ හරි" කියූ පසුව ඇමතුම විසන්ධි වුයේ එහෙත් මාගේ ඒ වදන් නිසා විය යුතුය ...

පසුව මගට පැමිණ බස් රථය එනතුරු ලැබුණු මද විවේකයේදී මා සිදුවූ සිදුවීමට කනගාටුව දක්වමින් විය යුත්තේ කුමක්දැයි අසා එස් එම් එස් පණිවිඩයක් යැව්වෙමි ...

හිත රිදුනාද දන්නේ නැත ... එසේ වුවා නම් එයට පැහැදිලිවම කනගාටු වෙමි.

( නැවත එවැන්නක් සිදු නොවෙන්නට එම අංකයද දුරකතනයේ මතකයට එකතු කරගත්තෙමි )

එසේ නම් එයට වගකීම මා හට පමණක් ගන්නට බැරිය ...

මන්ද

පුරුදු නම්බරයෙන් අමතන්නට තිබුණි ... සරලව එස් එම් එස් එකකින් අවැසි කාරණයක් වේ නම් විමසන්නට තිබුණි ... වරක් අමතා පිළිතුරු නැති කල්හි උදෑසන කාර්ය බහුලත්වය නිසා විය හැකිය යන සරල තත්වය යන්තම් හෝ තේරුම් ගෙන නැවත නැවත අමතන්නේ නැතිව නිහඩව ඉන්නට තිබුණි ...

කාට උනත් උදෑසන දුරකථනයේ ඇමතීමේදී කවුරුත් කල්පනාකාරී වීම ඔවැනි දේ සිදුවීම වලක්වා ගැනීමට අවැසි නම් ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගයයි!

No comments:

Post a Comment