Thursday, November 22, 2018

දැනුම බෙදා ගැනීම වැදගත්ය.

One of my friend brought a good idea that, "when we have a free time, shall we discuss some important topic in relation to practice? specially in English ?" I said yes of course.
මේ වෙද්දීද විවේකය ලැබුනා නැතා වැඩ අතරේ වුව සුළු වශයෙන් මා කරගෙන යන දෙයකි. එහෙත් ඒ යෝජනාව අනුව එය වඩාත් පිළිවෙලකට / වෙලාවක් වෙන් කරගෙන දැනට වඩා දශමයක හෝ වැඩි කැපවීමකින් කිරීම සුදුසු ය.

ඒ යෝජනාව සමග මාගේ මතකය විශ්ව විද්යාලය සහ නීති විද්යලය වෙත දිව යයි.

ඒ ස්ථාන දෙකේදීම මා හට අවැසි සටහන් සියල්ල මා විසින්ම මා හට හැකි අයුරින් සකසා ගෙන ඒවා හොදින් අධ්යයනය කරගෙන විත් කලේ සාකච්ඡාවට කැමති පිරිසක් ( අඩු ගානේ එක් අයෙකු හෝ ) සමග සම්පුර්ණයෙන් සාකච්ඡා කිරීම පමණි. ( එයින් පසුව මා හට අමුතුවෙන් වෙහෙස වී පාඩම් කරන්නට දෙයක් ඉතුරු වුයේ නැත! ඒ කාලයේ හැටියට ඒ ප්රධානම වාසිය සහ අනෙක් අතින් අදට වෘත්තිය පැත්තෙන් අනිවාර්යෙන්ම වැදගත් වන පිරිසක් ඉදිරියේ අදහස් දැක්වීම, පිරිසකගේ අවධානය යොමු කරගැනීම, සාකච්ඡාවක් මෙහෙයවීම ආදියේද සෑහෙන පුහුණුවක් පසුගිය වසර ගණනාවේදී නොමිලයේම ගන්නට අවස්තාව උදා විය )

ඒ තියරිය මෙහිදීද අදාළ කල හැකිය. එහෙත් මෙහිදී විශේෂයෙන් සටහන් කල යුතු දෙයක් වේ.
මා සියලු විෂයන්ට සටහන් සෑදුවද අන් අයටද සාකච්ඡාවට වැඩි දායකත්වයක් ගන්නට කැමති නම් කැමති විෂයන් තෝරාගෙන ඒවා පිළිබද කරුණු ඉදිරිපත් කරන ලෙස දැන්වුයෙමි. එහෙත් අවස්ථාවක් / දෙකකදී වාගේ හැරුණු කල මා හටම ඒ සියලු විෂයන් ආවරණය කරන්නට වුවා මතකය. එහෙත් ගැටළුවක් මතු වුයේ නැත. මන්ද අදාළ විෂයන් නිර්දේශයන් තුල සිමා සහිතව තොරතුරු ගලා යාමක් තිබුණු නිසාත් ඒ සියල්ලටම මා සුදානම් වී සිටි නිසාත් ය.

එහෙත් නමුත් දැන් එසේ කරන්නට ප්රයෝගිකව අපහසු තැනට පැමිණ ඇත. විෂය ක්ෂේත්රයන් ගණනාවකට අදාළ තොරතුරු / අත්දැකීම් අති විශාල ප්රමාණයක් වෘත්තීය ක්ෂේත්රය තුල සංසරණය වෙමින් තිබේ!
එහිදී අප හැම දෙනාටම ඒ හැම දේම ප්රායෝගිකව හමු නොවෙන / අවධානය යොමු කිරීමද ප්රායෝගික නොවෙන තත්වයක්ද තිබෙන්නට බොහෝ ඉඩක් ඇත. ඒ අනුව තම තමාට නිතර හමුවන ක්ෂේත්රයන්ගේ දැනුම / අත්දැකීම් අනෙකාට ලබා දෙන්නට හැකි සහ අවශ්ය ද වන තැනට පැමිණ ඇත. එමගින් කවුරුත් දැනුමෙන් බලවත් වනු ඇත. එය කාටත් කිසියම් වූ අවස්ථාවක ප්රයෝජනවත් වනු නියතය!

අවශ්ය වන්නේ කැමති නම් පමණක් ඒ වෙනුවෙන් ඔබගේ කාලයෙන් බිදක් යෙදවීම පමණි!

දිවුරුම් දුන් වසර මාසය අනුව කනිෂ්ඨ හෝ ජේෂ්ඨ වේවා දැනුම බෙදා ගන්නට එය බාධාවක් නැතැයි යන්න මාගේ නම් මතයයි. මා නම් නොදන්නා දෙයක් හරියට දන්නාවූ, කියා දෙන්නට සමත් / දැනට තියෙනවාට වඩා හොද යෝජනාවක් ගෙනෙනා කනිෂ්ඨකුට වුව සවන් යොමු කරන්නට පැකිලෙන්නේ නැත!
උදාහරණයක් ලෙසින් යම් කාර්යයකදී මාගේ යෝජනාවට වඩා හොද යෝජනාවක් දිවුරුම් දෙන්නට සිටිනා මිතුරාගෙන් මතු වුවහොත් මා එයට මුල් තැන දෙමි.

තවද සර් මෙහෙම කලොත් හොදයි නේද ? / මෙහෙම හදමුද ? ලෙසින් වූ මාගේ යෝජනා වඩා හොද යැයි එසේ පිළිගත් අවස්ථා ඇත!

ඒ අනුව අපිට කලින් දිවුරුම් දුන් ඔබ, සම වෘත්තීය වයසේ උදවිය සහ අලුත දිවුරුම් දුන් යන ඕනෑම යුගයක අයගේ එකතුවකට බාධාවක් පෙනෙන්නට නැත. 🤓 ...

No comments:

Post a Comment