Thursday, November 22, 2018

සේවාදායකයින් සමග කටයුතු කරද්දී


මා හට උපදෙස් ලැබුනේ නඩුවට පෙනී සිටීමට නොව නැරඹීමට සහ සිදුවූ දේ වාර්තා කිරීමටත් නඩුවේ සහන බලාපොරොත්තු වන අයට සිදුවූ දේ පැහැදිලි කරදෙන ලෙසටත් ය.
ඒ අනුව නඩු අංකය පමණක් ගෙන වාඩි වී උන්නෙමි. ජේෂ්ඨ නීතිඥවරයා එවූ අයෙකු බවට මා හදුනා ගත් අයකු මා සමග කතා කරන්නට පටන් ගත් අතර එහිදී මා කිවේ මා හට උපදෙස් ලැබුණේ නැරඹීමට පමණක් බවත් නඩුවේ සිදුවෙන දේ පසුව පැහැදිලි කරදෙන බවය.

 සිදුවී ඇත්තේ කුමක්දැයි නිකමට මෙන් විමසුවේ යම් තරමකින් හෝ කරුණු දැන සිටීම ප්රයෝජනවත් විය හැකි නිසාවෙනි. හෙතෙම අග මුල ගලපා ගන්නට තරමක් අපහසු ලෙසින් විස්තරයක් කි අතර වාණිජ නිතිය ක්ෂේත්රය නිසාවෙන් සහ එය සාමාන්යයෙන් මා හට ප්රියමනාප ක්ෂේත්රයක් ද වන නිසාවෙන් තවත් කරකවා අත හැරියා බදු විය 😁

නඩුව මුල් වරට කැදවා පසුව ගැනීමට තැබූ කල්හි නඩුව අවසන් යැයි දෝ සිතා මා හා කතා කල අය එලියට යන්නට සුදානම් වූ අතර මා කිවේ රැදී සිටිනා ලෙසටය. මා ලවා රජයේ නීතිඥවරියට කතා කොට යම් කාරණයක් දැන ගැනීමට මා හා කතා කල අයට අවැසි වුවත් මා කිවේ එසේ කරන්නට මා හට උපදෙස් නැති බවය. "ඒ සර් කතා කරන එක්කෙනෙක් නෙමෙයි" යැයි තවත් අයෙකු සමග ඒ තැනැත්තා කියනු මා හට ඇසුනි. ඒ කිවේ මා ගැනය 🙂

 ඒ කෙසේ කිවත් නොලැබුණු උපදෙස් අනුව කටයුතු කරන්නට නොහැකිය.

නඩුව තවත් වරක් පසුව ගැනීමට තැබූ කල්හි ඒ තැනැත්තා රජයේ නීතිඥවරිය ලගට ගොස් විමසු කාරණය මා හටද ඇසුනි. එහෙත් ඒ විමසන දේ විමසීමේ අවශ්යතාවයක් නොවුණු බවද මා දැන සිටි මුත් අර තැනැත්තා මා කෙරේ මවා ගත් පින්තුරය නිසාවෙන් මා ඉන් මද වෙලාවකට පසුව ඒ අයට පෙන්නටම මා රජයේ නීතිඥවරියගෙන් විමසිය හැකි මට්ටමේ යමක් ගැන විමසීමක් කලෙමි. 🤓🤓

නඩුව යලි ගන්නා අතරතුර සහන බලාපොරොත්තුවෙන් සිටි පිරිස සමග උසාවියෙන් එළියේදී කතා කොට සිද්ධිමය කරුණු වැඩි දුර පැහැදිලි කර දැනගත් අතර ඒවා අමුණා ගෙන නඩුව යද්දී පාර්ශවයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් වෙද්දී ඒවාද උපකාරයෙන් සහ වාණිජ නිතිය 1 විෂය කරුණු මතක් කරගනිමින් කරුණු ගැට ගසා ගත්තෙමි!

නඩුවෙන් පසුව මා වට කරගත් 10-15 ක් වූ ඒ පිරිසට සිදුවූ කාරණා විනාඩි 10 ක් පමණ කාලයක් පැහැදිලි කල පසුව අනෙක් කීප දෙනෙක් සමග "ඒ සර් කතා කරන එක්කෙනෙක් නෙමෙයි" යැයි කියූ අය ද අතට අත දී රැදී සිටියාට ද ස්තුති කොට යන්නට ගියෝය!

කල යුතුම දෙයක් නම් මිසක / උපදෙස් ලැබුනෝතින් මිස අපගෙන් සේවය බලාපොරොත්තු වන්නා අය කියනා කියනා දේ කරන්නට නොයා යුතු වන අතර / අවශ්ය නොවෙන අතර එසේ කරන්නට ගිය හොත් බාගේදා ඔවුන්ද අමාරුවේ වැටි අපද අමාරුවේ වැටෙන්නට ඉඩ ඇත!

මන්ද ඔවුන් බහුතරයක් වනාහි සිද්ධිමය කරුණු වල ප්රවීණයන් වුවද නීතිමය කරුණු වල අඹමල් රේණුවක දෙයක් නොදන්නා අය වීමට ඉඩ ඇති / වැඩි නිසාය. අනෙක් කාරණය ඔවුන්ට අප ගැන වැරදි වැටහීමක් ඇති වෙන්නට ඉඩ නොතැබිය යුතුද වේ ...

 මෙහිදී ඒ කාරනා දෙකේදීම ගැටළුවක් ඇති නොවිය!!!

No comments:

Post a Comment