Thursday, November 22, 2018

ඇටර්නි සහතිකය ලබා ගත් පසුව

සිදු කල යුතු දේ සම්බන්ධව විමසීම් කීපයක් විය. මෙහිද දැනුවත් කිරීමක් කිරීම වටි යැයි සිතුවෙමි.
පළමුව එහි තමාගේ නම නිවැරදිව සටහන්ව ඇතිදැයි බලන්න.

එය පොඩි නොකොට නොනමා ඒ අයුරින්ම ප්‍රවේශම් කොට තබා ගත යුතුය. මුල් සහතිකයට හානි වුවහොත් තවත් සහතිකයක් ලබා ගත හැකිවනු ඇත. එහෙත් එහි "කොපි" එකක් බව සටහන් කරනු ඇත.

* එය රැගෙන ගොස් A4 ප්‍රමාණයේ පිටපත් 3 ක් ගත යුතුය.
* ඒවා සමග මුල් පිටපත රෙජිස්ට්‍රාර් කාර්යාලයට ලබා දී සත්‍ය පිටපත් (True copy ) බවට සහතික කරගත යුතුය.
* ඉන් එකක් දිවුරුම් කොමසාරිස් තනතුර ඉල්ලීම සදහා වන අධිකරණ අමාත්‍යංශයේ ඇති ෆෝරමය පුරවා එය සමග කවුන්ටරයට හෝ ඔවුන් යොමු කරන ලෙසින් අමාත්‍යංශයේ ඇති දිවුරුම් කොමසාරිස් ඒකකයට ලබා දිය යුතුය ( ගාස්තු රහිතය )
* තවත් එකක් නොතාරිස් ධුරය සදහා ඉල්ලුම් කිරීම පිණිස බත්තරමුල්ලේ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයට රැගෙන ගොස් ඊට අදාළ ෆෝරමය පුරවා එය සමග බාර දිය යුතුය ( ගාස්තු සහිතය 2000/- හෝ ඊට වැඩි )
* අනෙක සමාගම් ලේඛම් තනතුර ලබා ගැනීම සදහා වන ෆෝරමය පුරවා ඒ සමග සමාගම් මැදුරට බාර දිය යුතුය ( ගාස්තු සහිතය )
දැනට එපමණකි !!!

ඉදිරියට .....

- අධිකරණ ඇමතිවරයා විසින් ඔබව දිවුරුම් කොමසාරිස්වරයෙකු ලෙස පත් කල බවට අධිකරණ
අමාත්‍යංශයේ ලේඛම් වරයාගෙන් ලිපියක් ඔබට යථා කාලයේ ලැබෙනු ඇත.
- නොතාරිස් වරයෙකු ලෙස ඔබව පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අනුමැතිය දුන් බව දන්වමින් ලිපියක් ලිපියක් ඔබට යථා කාලයේ ලැබෙනු ඇත.

No comments:

Post a Comment