Thursday, November 22, 2018

කල්පනාවෙන් සහ ඉවසීමෙන් දුම්රියට ගොඩ වන්න

මරදානට පැමිණි දුම්රියකට ( මාතර සීග්රගාමි දුම්රිය විය යුතුය ) සෙනග කඩිමුඩියේ නැගගන්නා ලද අතර ටික වෙලාවකින් එක් දුම්රිය මැදිරියක තරමක් ශබ්දයෙන් කතා බහක් ඇහිම ආරම්භ විය. සෙනග ඒ මැදිරිය අසලට ඇදුනු අතර මාද ඒ අසලට ගොස් බැලුවෙමි. දුම්රියට නැගීමේදී කාන්තාවක තල්ලු කිරීමකට ලක්වූ බවට පුරුෂයෙක්ට චෝදනා කිරීමත් හෙතෙම එය පිලිගැනීමට මැලි වීමත් ඒ කතා බහට හේතුව විය.
සෙනග පිරිසක් දුම්රියට නැග ගැනීමේ උවමනාවේදී සිදුවූ තල්ලු වීමක්ද ? නො එසේ නම් තල්ලු කිරීමක්ද ? 😳
සිද්ධිය පිළිබද කාරණයකි. එය තමන්ට දැනුනු ආකාරයට කාන්තාව විග්රහ කරන්නේද නැත්නම් සැබෑවටම එසේ වුවාද යන්නද ගැටලුවකි!

කොහොමටත් සෙනග අතරේ තෙරපීමේ අත්දැකීම් ඇති අය නම් නිකරුණේ චෝදනා ද නොකරනු ඇත! වරද පිළිගැනීමක් සමාව අයැදීමක් හෝ දකින්නට නොලැබුණි! කෙසේ නමුත් එවැන්නක් සිදුවුවා නම් එය වැරදිය!
ඒ අනුව දෝ ඒ කතාව ඉබේ නතර නොවෙන මට්ටේමේ විය, ඒ එක්කෝ තොප්පිය වැටීම නිසා හෝ නො එසේ නම් තමාට නිකරුණේ දිගින් දිගට චෝදනා කිරීම නිසා හෝ වැරැද්ද කොට එය පිළිනොගෙන තව කතා කිරීමටත් ඒම නිසා වෙන්දැයි පැහැදිලි නැතත් කතාව නවතින්නේ නැති තැන සහ වටේ පිටාවේ අයගේ කීමටද නතර නොවෙන මට්ටමේ වූ නිසා එය ඇසි දෝ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියෙක්ද පැමිණි අතර හෙතෙම කරුණු පැහැදිලි කිරීමෙන් පසුව නම් එය නැවතුණි!

අවස්තාව තියේ නම් ඉඩක් අල්ලා ගන්නා මුත් සෙනග පෙරලාගෙන දුම්රියට ගොඩවන සිරිතක් මාගේ නම් නැත. ඊයේද මා පැමිණියේ හිටගෙනය. දුම්රියට නැගීමේදී හැමවිටම වාගේ මා හට මතක් වන කතාවක් ද වේ. එනම් "අයියා කෝච්චියට නගිද්දී කලබල වෙන්නේ නැතුව කල්පනාවෙන්, නවත්වන්න කලින් නගින්න බහින්නත් එපා" ලෙසින් දැන් නීතිඥවරියක් වන මිතුරියක් කලකට පෙර මා හට කල මතක් කිරීමකි. 🙂 ...

 තමාගේම පහසුව සොයමින් ඉදගන්නට ඇති උනන්දුව නිසාම පෙරලාගෙන හෝ ඇතුළුවන්නට උනන්දු වන සමහරක් සිටි. විශේෂයෙන්ම ඔය දුර ගමන් දුම්රිය වලදී තිබිය හැකි තත්වයකි. වාඩි වන්නට ඉඩ නැති වුවද ඇතුළු වන්නට ඇත්තේද සෑහෙන කලබලයකි / පොරයකි. එවැනි අවස්ථා මා දැක ඇත! කලබලයට හානියක් වූ පසුව එය යථාතත්වයට පත් කරගන්නට නොහැකිම විය හැකිය. හැකි උවද එවැනි දෑ වලක්වා ගන්නට කටයුතු කල යුතු ය. එය ඇතැමුන්ට සාමාන්ය අවස්ථාවේ තේරුම් ගන්නට නොහැකි විය හැකිය!.

කලබලයට නැගීමට ගොස් සිදුවූ සිදුවීමකදී එබදු කතාවක් ඇතිවීම හොද වන්නේ එබැවිනි, එමගින් හෝ ඔවුන් යම් අවබෝධයක් හෝ ලබා ගනු ඇත!

No comments:

Post a Comment