Thursday, November 22, 2018

අන් අයට උපකාර කිරීමේ බැදීම

එම කාන්තාව නම් ත්‍රීවිල් රථයක් එනු නොදකින්නට ඇත. එහෙත් කාන්තාවක් එතනින් යනු ත්‍රීවිල් රියදුරු එම දුටුවේ නැති ද යන්න ගැටලුවකි. ත්‍රිවිල් රථ රියදුරු නිසි සැලකීමක් නොමැතිව පැමිණ ඇයගේ ගැටුණු බව පෙනෙන්නට ඇත.

කෙසේ නමුත් පලා නොගොස් රථයේ හැපී වැටුණු ඇය නැගිටවන්නට ත්‍රීවීල් රථ රියදුරු ම ක්‍රියාත්මක වනු දැකිය හැකි ය.

එම සිදුවීමෙන් පසුව කිසියම් ම ආබාධයක් බිම වැටුණු කාන්තාවට තිබුණු බවක් පෙනෙන්නට නැත. ඒ අනුව ඒ සිද්ධිය ඒ දෙදෙනා විසින් විසඳා ගෙන දුර නොගොස් එතනින් සමථයට පත් වූ බවක් දකින්නට ඇත.
ඔය සිදුවීම දකිනා අය එම සිදුවීම වූ ස්ථානයටම නොපැමිණියත් සිදුවීම දෙස යමින් ගමන් / මඳක් නැවතී බලා යනු වීඩියෝවේ දකින්නට ඇත. කාන්තාව රථයේ හැපී වැටුණ ද ත්‍රිවිල් රථ රියදුරු ම ඇයව නැගිට්ටවූ පසු ඇයට කිසියම් ගැටලුවක් ඇති බවක් පෙනෙන්නට නොවූයෙන් එතනට සෙනග නොපැමිණෙන්නට ඇත. එනිසාම මනුස්සකම නැතැයි කිව නොහැකිය. එම සිදුවීම දකින අය මඳක් නැවතී බලා සිටීම කලේ මනුස්සකම නිසා නොවේද ???

මනුස්සකම යැයි ඇතැමුන් අදහස් කරන්නේ එවැනි සිදුවීමක් වූ පසු ව කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව රථය රියදුරුට පහර දීම ද කියන්නට දන්නේ නැත. එම සිදුවීම ඒ ආකාරයට අවසන් නොවුනා නම් / යම් බරපතළ තත්ත්වයක් උදා වූවා නම් මිනිසුන් ස්වෙච්ඡාවෙන්ම පැමිණෙන්නට ඉඩ තිබුණි.

 අනෙක් අතට වැටුණු ඇය අවට සිටින අයගෙන් කිසියම් ම හෝ උපකාරයක් ඉල්ලා සිටි බවක් දකින්නට තිබුණේ ද නැත. එවැනි අවස්ථාවක එතනට නොගිය පමණින් ඒ අයගේ මනුස්ස කමක් නැතැයි කිම සුදුසු නැත.

තවත් ඉදිරියට ගියහොත් ස්වෙච්ඡාවෙන්ම ඔවැනි සිදුවීමකට මැදිහත් විය යුතු මට්ටමේ / තොරතුරු දැනුම් දෙන්නට නෛතික බැඳීමක් මතුවුණු බවක් පෙනෙන්නටද නැත! නීතියට අනුව ම සිදුවීමේ සුළු බව නිසා හෝ වෙන යම් හේතුවක් මත වැටුණු පුද්ගලයා ම එම සිදුවීම දුර ගෙනියන්න ට අවශ්‍ය නැතිව ඉවත්ව යන්නේ නම් බලා සිටින අන් අයට සහ නීතියට එම සිදුවීමට මැදිහත්වීමට අවස්ථාවක් උදා නොවෙනු ඇත!

කෙසේ නමුත් එකක් ලිවිය යුතුය. රිය පදවන කවුරුත් නිසි සැලකිල්ල සහ අවධානය ඇතිව රිය පැදවීම නම් කළ යුතුම බවයි.

https://www.facebook.com/nethfm/videos/512306072574601/

No comments:

Post a Comment