Thursday, November 22, 2018

භාණ්ඩ මිලදී ගැනීමේදී ...

මා එහි යද්දී කඩේ මුදලාලි සහ නෝනා දෙදෙනාම එහි හිටි අතර ඊයේ දින අයිස් පැකට්ටුවේ දිනය පැන තිබුණු බවත් යම් හෙයකින් එවැනි දෑ අසු වුවහොත් උසාවි යන්නට සිදුවනු ඇති බවත් එය කිවේ යුතුකමක් ලෙසින් බවත් අදාළ කඩයට ගොස් යෝගට් පානයක් ගන්නා ගමන් මා කියා සිටියෙමි.

එය පිළිගත් අතර, දැන් ඒවා නැති බවත්, එය කියූ එක හොද බවත් ඔවුන් පවසන ලද අතරේ යෝගට් පානයේ දිනය හරි දැයි බලන ලෙසද ඔවුන් මාගෙන් ඉල්ලා සිටින ලදී 😎😎 ...

අප ඔවුන්ගේ ක්රියාකාරකම් ගැන අවධානයෙන් සිටි නම් සහ ඒ බව අවස්තාවක් ලද විටක පෙන්වන්නේ නම් නොදැනුවත්ව සිදුවන වරදක් වේ නම් ඔවුන්ද නිවැරදි කරගැනු ඇති අතර ලාභයක් වෙනුවෙන් වරදක් කිරීමට සිතා සිටි නම් දඩුවමට බියෙන් හෝ එයින් වලකිනු ඇත.

පොතේ ඉගෙන ගත නිතිය විභාග හමාර කොට වසා තියන්නේ නම් ප්රයෝජනයක් නැති වනු ඇත.
එයින් ප්රයෝජන ගත යුතුය. ලැබුණු අවස්ථාවේ එසේ කළෙමි!!!

No comments:

Post a Comment