Thursday, November 22, 2018

පෙරකලාසිය යනු

පෙරකලාසිය යනු

- ජේෂ්ඨ නීතිඥවරයෙකු විසින් කනිෂ්ඨ නීතිඥවරයෙකුව තමා ලග රදවා ගත හැකි හොදම විදියකට අදාළ ලියවිල්ලකි!

- ජේෂ්ඨ නීතිඥවරයාගෙන් කනිෂ්ඨ නීතිඥවරයාට ලැබුණු නඩුවක් වුවත් කනිෂ්ඨ නීතිඥවරයාගේ නම යෙදු කල ඔහුගේ/ඇයගේම නඩුවක් බවට පරිවර්තනය කරනා ලියවිල්ලකි!

- පියවර හොදින් දන්නා කනිෂ්ඨ නීතිඥවරයෙකුට අවැසි නම් තනිවම වුව කරගෙන යා හැකි නඩුවක් නිර්මාණය කරනා ලියවිල්ලකි!

- ගිවිසුමක බැදිමකටත් වඩා වගකීමක් ඇති කරනා බව කියනා ලියවිල්ලකි !

- එනිසාම ප්‍රවේශමින් බැදීම ඇති කරගත යුතු ලියවිල්ලකි!

- නමුත් අවලංගු කල හැකි ලියවිල්ලකි!

- එහෙත් ආවට ගියාට අවලංගු නොකළ යුතුද වන ලියවිල්ලකි!

- සේවාදායකයාගේ මරණයෙන් පසුව අවලංගු වන ලියවිල්ලකි!

No comments:

Post a Comment