Thursday, November 22, 2018

පාඩුවේ සිටිනා අයෙකු වීමේදී ...

නීතියෙන් වග කිව යුත්තන්ට දඩුවම් දෙන අතරේ කල යුත්තක් නම් අයියලා අක්කලා / ජේෂ්ඨයින් කියා ගන්නා හැම කෙනාම කියනා හැම දේම "එහෙයි" කියා කරන්නට හිස නවා නොගන්නා තැනට පත් කිරීම හෙවත් ( යොමු නොවෙන ) ලෙසට එනම් මේ ආයතන වලට නවකයින් යැවිය යුත්තේ පාඩුවේ ඉන්නා තමාට ගැහුවොතින් පෙරලා කණ පුපුරන්නට වුව ගසන්නට හැකි තරමට මානසික ශක්තිය වර්ධනය කොට ය.

මෙය කියවන ඔබගේ ඒ මානසික හැකියාව ගැන මා කියන්නට දන්නේ නැත (බාගේදා ඔබ මටත් වඩා ඒ අතින් ශක්තිමත් විය හැකිය. එසේ නම් හොදය. අගේය. මා තරම් ශක්තිමත් නැති නම් ප්‍රධාන කොට ඔබගේ යහපත උදෙසාම තවත් ශක්තිමත් විය යුතුව ඇත. ( එතෙක් ඔබව වෙනත් අයෙකුට ඔහුට / ඇයට අවැසි අවැසි ලෙස ඔබට අවාසි දායක ලෙසින් අල්ලේ නටවන්නට හැකිවනු ඇත ) මන්ද මියෙන තුරාවටම අප කොතැන ඉදන් හෝ කිසියම් වූ ඉගෙනීමක් සිදු කරනා අතර ඒ කුමන හෝ අවස්ථාවක ඔබට කනිෂ්ඨයෙකුව පසුවන්නට සිදුවනවාට සැකයක් නැත)

එහෙත් මා හට නම් ඒ ශක්තිය සැහෙන තරමකට තිබුණි. ස්වභාවයෙන්ම කුඩා කල සිටම මා හට එම ශක්තිය සාමාන්‍යයෙන් තිබුණු අතර විශේෂයෙන් පියාගේ මග පෙන්වීමෙන් ඒ ශක්තිය තවත් වර්ධනය විය.
විශ්ව විද්‍යාලයේදී නම් එය භාවිතා කරන්නට අවශ්යතාවයක් උදා නොවුනද ඉන් පසුව එය අවස්ථා ගණනකදී මොළයෙන් භාවිතා කොට ඇති අතර ආසන්නම අවස්ථාව වුයේ මා ගණනකට නොගත් / ගෑස් පෙන්වූ රජයේ සේවකයෙකුව උසාවියේ විනිසුරුතුමා වෙත එන තැනට පත් කිරීමය.

ඉතා අපහසුවෙන් ගෙන ගෙන උසස් අධ්‍යාපන අවස්ථාවට වරම් ලැබ එය අතහැර යන්නට ඉඩ නොදී ඔවුන් මානසිකව දිරිමත් කොට නැවත උසස් අධ්‍යාපනය වෙත යොමු කරන්නට පියවර ගත යුතු අතරම යවනා තැනට පත් කල යුත්තේ මානසික අසහනයෙන් යුතු බව පෙන්වන ජේෂ්ඨයින් කියා ගන්නා උදවියවය. ඒ යැවිය යුත්තේ කොතැනටද යත් පළමුව බන්ධනාගාරයට සහ දෙවනුව මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම උදෙසාය.

No comments:

Post a Comment