Thursday, November 22, 2018

ක්රියාත්මක වන්නට නීතියෙන් බැදීමක් නැති නම් ...

එක්තරා ප්‍රදේශයකදී ටිපර් රථයක් වටකර බයිසිකල් ගණනාවක් නවත්වා තිබුණු අතර තරමක සෙනගද රැස්ව කිසියම් උණුසුම් ස්වභාවයක් දකින්නට තිබුණි.

ඔය උදවිය යන්නේම වේගයෙනි. එය ඉර හද පායනවා තරමටම විශ්වාස කාරණයකි. ඒ අනුව බොහෝ දුරට එසේ ගොස් සිදුවූ කිසියම් සිදුවීමක් නිසා එසේ වුවා විය හැකිය!

ඒ මිස නිකරුනේ මිනිසුන් එකතුවන්නේ නැත!

ඇතැමුන් අනේ පව් එක මනුස්සයෙක්ව ගොඩක් අය වටකරගෙනද කොහෙද ලෙසිනි එහෙත් මා නම් කිවේ ඔය ජාතිය වේගයෙන් යන ජාතියක් බවත් කොහේ හරි ඇනගෙන වෙන්නැති අපෙත් කාලේ කනවා කියාය.
අවැසි නම් මනුස්සකම ( එනම් සරලව ගත් කල පැනලා උදව් කිරීම ) සහ සාධාරණත්වය ( එනම් සරලව ගත් කල උදව්වක් ඉල්ලු කල දීම ) යටතේ පියවරක් ගන්නට හැකිව තිබුණි.

එහෙත් නිහඩව සිටියෙමි.

"ඔයා නම් මනුස්සකමක් සාධාරණත්වයක් නැති කෙනෙක්" කියා බාගේදා ඔබ හිතින් හෝ මා හට චෝදනාවක් කරණවා විය හැකිය.

එසේ නම් එය මා ගණනකට ගන්නේ නැත!
මන්ද එසේ ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඔබට අවශ්‍ය විදියට නොව මා හට අවශ්‍ය ලෙසින් වන නිසාවෙනි.

දණ්ඩ නීති සංග්‍රහය අනුව වගන්ති කීපයක් යටතේ චෝදනා එල්ල කල හැකි තත්වයක්ද විය.

එහෙත් එසේ වුවද නොදැක්කා සේ මාගේ පාඩුවේම සිටියෙමි.

"එහෙමද එහෙනම් අන්න ඒක වැරදියි" යැයි දණ්ඩ නීති සංග්‍රහය නම් පොත කියවන්නට පළමුව හෝ කියවා
මා හට චෝදනාවක් කරන්නට ඔබට ඉඩක් නැතිවාම නොවේ.

සැබවින්ම එසේ කරන්නට ඔබට හැකිය.

එහෙත් ඔබට දින්නනට බැරිය!

මන්ද ඒ ඉඩ මා හට වසා දමන්නට හැකි නිසාවෙනි!

මා පාඩුවේ සිටියේ එක අතකට මා සාම නිලධාරියෙකු නොවුණු නිසාවෙන් සේම මා ඉගෙනා ගත් සහ විභාග ද පාස් කල බැදීම් පිළිබද නීතියට අනුව දැනටද පිළිගන්නා වූ ස්වර්ණමය නඩු තීන්දුවක් අනුව සහ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව මා ගත් ප්‍රායෝගික තීරණයක් වශයෙනි !!!

ඒ අනුව නිහඩව බලා සිටීමට නීතියෙන් මා හට ඉඩ ඇත !!!

No comments:

Post a Comment