Thursday, November 22, 2018

හැමදා දුක් විදින රටේ ...

"හැමදා දුක් විදින රටේ "

ඒ කතාව නම් ඇත්තය!!!

වැඩට යන්නට විදින්නේ විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරනා කවුරුත් දන්නා පරිදි සුළු පටු දුකක් නොවෙන අතර වැඩ කරද්දීද අමුතු සැපයක් ලැබෙන්නේ යැයි ද කිව නොහැකිය!

ඉන් පසුව ආයේම නිවස බලා එන අතරේ අත්විදින්නේද වැඩට යන්නට විදින්නාවූ දුකට නොදෙවෙනි එකකි.
ඉගෙනීමට යද්දීද එද්දීද ඔය ටික එහෙමමය!!

කිසිවකු විසින් තවකෙකු ඉලක්ක කොට ඕනෑකමින් නොදුන්නද මානසික කායික පිඩා ඇතිවන කල්හි ඒවාද රැග් ය. එසේ තිබියදී ඉගෙනිමට ගොස් ඇති කාලය තුල ඇතැම් ජේෂ්ඨ එවුන් කියනා උත්තමයින්ගේ රැග් වලටද හසුවන්නට ආධුනිකයන්ට සිදුව ඇත!

උපන් දිනය උදා වුවහොත් වටේ ඉන්නා උන් විහිලුවට ඉල්ලීමෙන් එහා ගොස් බලකරමින් පාටි ඉල්ලන්නේ නම් එයද රැග් එකකි. ඇතැම් තැනකට අලුතින් ආවොතින් පාටි ඕනෑය. අලුත් පිට නිසා බල කොට අර ගන්නේ නම් රැග් එකකි.

යම් අයකුගේ දිවියේ වැදගත් දිනයක් උදා වුවහොත් වටේ උන් පාටි ඉල්ලති. විහිළුවකින් ඔබ්බට ගොස් බල කරමින් ඉල්ලා ගන්නේ නම් එයද රැග් එකකි.

අනෙක් අතට විවාහය දිනයේ දී දකින්නට ලැබෙන විකාර ය.

මගේ වෙඩිමේදී මගේ පාර්ශවයෙන් හෝ වෙන්න නෝනාගේ පාර්ශවයෙන් එකෙකු හෝ එකියක කිසියම් කෝලමක් නැටුවොතින් යාලුවෙක් කියා, අමුත්තෙක් කියා හෝ උත්සවයක් කියා නොඉවසා සියලු දෙනා ඉදිරියේ මා එයට ප්‍රතිචාර දක්වනු ඇත! එය මිහිරි එකක් නම් නොවෙනු නියතය !!!

මානසික රෝගියෙකුට ප්‍රතිචාර දක්වන්නට මා හට හරියටම තව අවස්තාවක් ආවේ නැත!
එක් අතකින් ඔවැනි පුවත්ය. අනෙක් අතින් තමාගේ ඇදුම් තමන්ම ගලවාගෙන අහවල් පෙදෙස් එළියේ දමා ගන්නා සමහරකගේ අමුතුම මානසික තත්වයකි!

මේවැනි පුවත් නම් එක වෙලාවකට පුදුමාකාර පුවත් ය. මෙතරම් බණ කියන එතරම්ම බණ ඇහෙන්නට තියෙනවා / අහනවා යැයි කියන රටේ ඇතැමුන් ගේ මානසික තත්වයේ හැටිය!

අනිත් අය ගැන කියන්නට මා දන්නේ නැත!

මා නම් පොඩි එකෙකුට හෝ උඹ, බං කියා හෝ අමතා නැත! මා හට උඹ මචං කිවොතින් මිසක මිතුරෙකුට හෝ එසේ අමතා නැත. එහෙත් රිදවුවා නම් හෙම ජේෂ්ඨ උත්තමයාටද ප්‍රතිචාර නොදක්වා නොඉන්නේද නැත!

මේ කාරණය මෙලෙසින් සමාජ ගත වීම හොදය!!!

ජේෂ්ඨ කියා ගන්නාවූ වග කිවයුතු යැයි සම්මත උත්තමයින් එක්කෙනා දෙන්නා හෝ නිතිය ඉදිරියට ගෙන ඒමට පියවර ගැනීම හොදය!

මෙම පුවත් වල ඇති දෑ කියවූ කල ජේෂ්ඨ කියා ගන්නා සමහර උත්තමයන්ගේ මානසිකත්වය පැහැදිලිව හදුනා ගත හැකිය! හරි නම් ඔවුන්ටද සැලකිය යුත්තේ පෙරලා එලෙසින් මය.

එසේ නම් ඔවුන්ගේද ඇස් පමණක් පෙනෙන ලෙසින් මඩ ගැසිය යුතුය. ඔය කර ඇති අනික්වාද එසේමය!
ඔවුන් සැබවින්ම නවකයින් සිය තත්වයට ගන්නේ නම් ඔවුන් තමා විදි දුකක් වේ නම් එවැනි අපහසුවක් නවකයින්ට ඇති වන්නට ඉඩ නොතැබිය යුතුය. නො එසේ නම් අවම වශයෙන් ඔවුන්ද නවකයින් සමග මඩ හෝ ගා ගත යුතුය. එසේ නොවුණු තැන රටේ සම්මත නීතියක් කියා දෙයක් තියෙන නිසාවෙන් සහ එය භාවිතා කොට අත කිලිටි කරගන්නේ නැතිව ඉදිමින් පහර දිය යුතු අයෙකුට ශිෂ්ඨ සම්පන්න ලෙසින් පහර දිය හැකි නිසා එසේ කල යුතුය!

ඉදිරියට රජයේ සේවයට මෙවන්නවුන් එක් වුවහොත් මොවුන්ගෙන් සේවය ලබා ගන්නට එන්නාවූ අයද රැග් කරනු නියතය! මන්ද ඒ මානසිකත්වය නො අඩුව මේ වෙද්දීම වර්ධනය වී ඇති නිසාය!

ඒ කෙසේද යත් දැනටම අප අත්දකින (අ) සුන්දර මට්ටමේ සිදුවීමක් වන ඇගට අත නොතිබ්බද රජයේ සේවයේ ඇතැමුන්ගෙන් අපට අවැසි සේවය ලබා ගැනීමේදී කාලය කා දැමීමට සිදුවීම සැලකු කල්හි එය මානසික වශයෙන් රැග් කිරීමක් ලෙසින් හැදින්වීමේ වරදක් නැත!

එහෙත් සේවය ලබා දෙන්නාගේ පැත්තෙන් ඉදිරිපත් කරනා සාධාරණ යැයි විටෙක අපටම පෙනෙන කාරනා නිසාවෙන් ඉවසා සිටියද මෙම පුවත් මගින් දක්වන්නාවූ බදු ක්‍රියා නම් ඉවසා සිටිය යුතු නැත!
එබැවින් වරදට දඩුවම් දෙමින් සහ අවැසි විටදී මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් වගකිව යුත්තන්ගේ ඒ මානසිකත්වය හැකි ඉක්මනින් රටේ සමාජයේ යහපත පිණිස යහපත් තත්වයට වෙනස් කල යුතු ය !!!
එවැනි පුවත් මෙලෙස පුවත් පත් වල පලකිරිමම යම් තරමකට එවැනි ක්‍රියා සදහා පාලනයක් ඇති කරවනු නියතය!

නවකයින් මේ දක්වන්නාවූ ආකාරයේ පීඩනයෙන් තොරව නොපිළිගන්නා ජේෂ්ඨන් බිහිවීම වලකන තැන දක්වා දඩුවම හා මානසික උපදේශනය අවශ්‍ය පරිදි අඩු වැඩි වශයෙන් ඉදිරියට ඇදී යා යුතුය!
තමාට කිසිවකු අවනත කරගන්නට නම් ත්‍රාසය / හිංසාව නොව ලෙන්ගතු වචනය, පොරොන්දුව පරිදි විශ්වාසය රැකිම වුව ප්‍රමානත්වය.

ආරාධනා ලැබුණද මා නම් ඔය මිතුරු හමු වලට ගියේ ද නැත.
එහෙත් නොගියා කියා පාඩුවක් වීද නැත. මන්ද යත් ඒවාට ගිය අය අන් අය සමග බැදීම් ඇතිකරගෙන ඇති ලෙසින්ම මා හට අවැසි තරම් බැදීම් මා ඇති කරගෙන ඇති නිසාවෙනි.
සැබෑ ජේෂ්ඨයා කනිෂ්ඨයා ට අත දෙන්නෙකු විය යුතු මිසක තලා පෙලන්නෙකු නොවිය යුතුය. අත දෙන්නට බැරි නම් අඩුම ගානේ පාඩුවේ හෝ සිටිය යුතුය!

එසේ නොමැති වග කිව යුත්තන්ට ඉවසීමෙන් නීතියට අනුව ප්‍රතිචාර දැක්විම පළමු හා වැදගත්ම පිළියමයි!

No comments:

Post a Comment