Sunday, May 26, 2019

රජයක මුලික වගකීම ජනතාවට ආරක්ෂාව සැපයීමය

ගරු අගමැතිතුමා දක්වා සිටි පරිදි අයි එස් හා එක් වූ ශ්‍රී ලාංකික පිරිසක් ලංකාවට පැමිණ ඇති බව දැනගත්තත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට/එරෙහිව පියවර ගැනීමට මෙරට නීතියක් නොතිබුණු බවයි.

( විදේශීය ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වීම නීතියට පටහැනි නොවුණු නිසාවෙන් )

අගමැතිතුමා/රජය විශ්වාසය තියනා නීතී මූලධර්ම මේවා විය යුතුය.

~නීතියක් නොමැතිව දඬුවමක් නොමැත~

~කලින් නීතියක් නොමැති ව අපරාධයක් ඇතිවිය නොහැක~

~හිංසාවක් පූර්වානුමාන නොකරයි~

~ යම් පුද්ගලයෙකුගේ සිතිවිලි වලට පමණක් දඩුවම් නොකල යුතුය~

~නාශය නැති තැන නඩුකර නොමැත~

( අයි එස් හා එක් වූ ශ්‍රී ලාංකික පිරිසක් ලංකාවට පැමිණ ඇති බව දැනගත්තත් ඉරිදා කලා බදු ප්‍රහාරයක් කලින් කලේ නැති නිසා )

සරලව කිව හොත් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස පුහුණුව ලබා තිබිය හැකි වුවත් ශ්‍රී ලංකාව තුළ නීතිය කඩවන ත්‍රස්තවාදී ක්‍රියාවක් යයි සලකන ක්‍රියාවක් සිදු කරන තුරු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට නොහැකි තැන තිබූ බවත් එසේ කලා නම් මානව හිමිකම් කඩ කිරීමක් ලෙසින් සලකනු ලැබිය හැකිව තිබුණු බවත් එනිසා කිසියම් වූ පියවරක් ගැනීමට නොහැකි ව සිටි බවත් ය.

ඒ අර්ථයෙන් නම් එතුමන් ටිකක් දුරට හරි බව පෙනෙන නමුත්
.........
එසේ වුවත් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුනාගත් ක්‍රියා තහනම් කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නමින් පනතක් ක්‍රියාත්මකව ඇත.

( එය වෙනස් නොකොට එලෙසම පවත්වා ගැනීමේ වැදගත්කම ආණ්ඩුව ද වටහාගෙන ඇතුවාට සැක නැත )

එම පනත යටතේ දක්වා ඇති වැරදි සිදු කිරීම පමණක් නොව  එම වැරදි සිදු කිරීමට අනුබල දීම කුමන්ත්‍රණය කිරීම සහ තැත්කිරීමද වරදකි.

අයි එස් හා එක්වූ එක් වූ ශ්‍රී ලාංකික පිරිසක් ලංකාවට පැමිණ ඇති බව දන්නේ නම් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුව තිබුණි.

ඔවුන් පුහුණු වී එන්නේ මෙහි බණ භාවනා කරන්නට නොවෙනා බව කුඩා දරුවෙකුට වුව තේරුම් යන මොවුන්ට තේරුම් යා යුතුම වන කාරණයකි. අවදානයෙන් සිටියා නම් වරදක් නොකලත් ඊට පෙර වරදක් කිරීමට පෙලබවිම හරහා සුදානම් වීමේදී / කුමන්ත්‍රණය / වරදක් කිරීමට තැත් කිරීම යටතේ හෝ අත් අඩංගුවට ගන්නට උත්සාහ දරන්නට තිබුණි.

ඔවුන්ගේ ප්‍රහාර සැලකූ කල්හි ඒ තරම් ප්‍රහාර සිදු කිරීම සඳහා වග කිවයුත්තන්ට සංවිධානය වීමට සහ සිදුවීමෙන් දින දෙක තුනක් යන තුරු ම ඇදිරි නීතිය දමමින් හදිසි නීතිය යටතේ සැකකටයුතු භාණ්ඩ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සෝදිසි මෙහෙයුම් සිදු කිරීම දක්වා පැමිණෙන තැනට එන්නට වූයේ ඔවුන් කෙරෙහි රජයක් වශයෙන් දැක්විය යුතු ව තිබුණු නිසි අවධානය ‍යොමු කිරීමට අසමත් වීම නිසා බව දැකවීමේ වරදක් නැත.

අනෙක් අතින් අයි එස් හා එක්වූ ශ්‍රී ලාංකික පිරිසක් ලංකාවට පැමිණ ඇති බව දැනගත් පිරිසට එරෙහිව හදිසි නීති රෙගුලාසි බලාත්මක කොට ඒ යටතේ සොයා බලා විමර්ශන කටයුතු කොට සැකයක් ඇත්නම් අඩංගුවට ගන්නට තිබුණි.

අයි එස් හා එක්වූ ශ්‍රී ලාංකික පිරිසක් ලංකාවට පැමිණ ඇති බව දැනගත් පිරිස ගැන අවධානයෙන් සිට ඔවුන්ට එරෙහිව ලැබෙන පලමු අවස්ථාවේම දණ්ඩ නීති සංග්‍රහයේ අනුබල දීම /කුමන්ත්‍රණය / රාජ්‍ය විරෝධී වැරදි / නීති විරෝධී රැස්වීම යටතේ ක්‍රියාත්මක වන්නට උනන්දු වන්නට තිබුණා නොවේද ...

මන්ද ඔවුන් ප්‍රහාර එල්ල කරනු ඇත්තේ බලයේ සිටිනා වූ ජනතා ඡන්දයෙන් පත්වූ නිත්‍යානුකුල රජයකට සහ එම ජනතාවට සහ එම දේපලට යන බව පූර්වේක්ෂණය එනම් කල් තියා හදුනා ගන්නට තොරතුරු තිබුණේ නම් ක්‍රියාත්මක වන්නට හැකි තැන ඇති නිසාය.

ඔවුන් පුහුණු වී එන්නේ මෙහි බණ භාවනා කරන්නට නොව ත්‍රස්ත ප්‍රහාරයකට බව අවබෝධ කරගෙන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ආගම පිලිබද වැරදි සිදු කිරීමට තැත් කිරිම යටතේද නීතිමය පියවර ගන්නට උත්සාහ කරන්නට තිබුණා නොවේද ...

අයි එස් හා එක් වූ ශ්‍රී ලාංකික පිරිසක් ලංකාවට පැමිණ ඇති බව ගරු ජනාධිපතිතුමන් දැනුවත් නොවී සිටියාද දැනගත් අය එතුමන්ව දානුවත් නොකලාද කියන්නට අපිට දිවැස් නැත.

ඔය එක නීතියක් හෝ ඕනෑකම තිබුනා නම් යොදා ගන්නට බැරි නැති බව මාගේ නම් මතයය/හැගීමය!!!

එසේ නොහැකිම යැයි කියන්නෙ නම් ආණ්ඩු බලය දරමින් සිටිනාවූ ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නට නීතියක් හදන්නට / නැහැයි කියනා නීති එක් කොට තිබෙනා පනත් හෝ අවශ්‍ය සංශෝධනයට ලක් කරන්නට වුව අවස්ථාව තිබුණි. මන්ද මහජන සුභසාධනය සැලැස්වීම නීතියෙන් කල යුත්තක් / උපරිම නිතිය ලෙසින් නීතියෙන්ම පිළිගන්නා නිසාවෙනි.

ඔය හැම අවස්ථාවකම සිදුව ඇති බව අපට පෙනී යන්නේ කල යුතු දේ නොකර හැරීම ය ...

අගමැතිවරයාගේ උක්ත නිදහසට කාරණයට පිළිගැනීමක් දිය නොහැක්කේ එබැවිනි.

එසේම ඔවුන්ගේ වගකීම් විරහිත මට්ටමේ ක්‍රියාකලාපය සලකද්දී :-

පුහුණු වී එන්නේ මෙහි බණ භාවනා කරන්නට නොව ත්‍රස්ත ප්‍රහාරයකට බව අවබෝධ කරගැනීමට සාමාන්‍ය සිහි බුද්ධිය ඇති අයට නම් අවබෝධ කරගන්නට හැකි නිසා එවන් තොරතුරු පිළිබඳ අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුව ඇත. එවන් දැන සිටි තොරතුරු නම් විමර්ෂණයන් සදහා දෙන්නට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පමණක් නොව ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේද තොරතුරු දන්නා අය නීතියෙන් බැදී සිටී.

~ පරිසිද්ධිය නොදැනීම ක්ශමණය කළ හැකිය ~ ( එනම් සිද්ධිය නොදැනීම සමාවට කරුණකි )

ඒ අනුව අපිට හිතුනේ නෑ, අපිට එච්චර හිතුන් නෑ, අපිට දැන්වුවේ නෑ, අපිට තේරුණේ නෑ කියා ඕනෑම මට්ටමක වගකීමෙන් බැහැර වන්නට හැකි බව එකවර පෙනී ගියත්

ප්‍රායෝගිකව එසේ නොවේ.

~ හැම තැනැත්තෙකු විසින් ම දැන සිටිය යුතු දේ නොදැනීම ක්ෂමණ හේතුවක් නොවේ ~

අනුව හැම විටම වගකීමෙන් බැහැර විය නොහැකිවනු ඇත. මන්ද සාමාන්ය සිහිබුද්ධිය ඇති තැනැත්තන් විසින් සාමාන්‍ය අවබෝධය යටතේ තේරුම් ගත හැකි සහ ඒ යටතේ දැක්විය යුතු ක්‍රියාකාරීත්වයන් නොපෙන්වීම/පැහැර හැරීම සමාව දීමට හේතුවක් නොවෙන නිසාය.

අප අත්දැක ඇති ත්‍රස්තවාදී ක්‍රියාවන්ට වගකිව යුතු වූ එල්ටීටීඊ සංවිධානය මේ රට තහනම් සංවිධානයකි.

විදේශයේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබද පුවත් අසන්නට ලැබී ඇති නිසා ත්‍රස්‍ත සංවිධානයක් ලෙසින් අයි එස් ක්‍රියාකාරීන් එක්කිරීම වැදගත් යැයි සිතන්නට තරම් බුද්ධියක් ඔය රජයේ කිසිවකුට නොතිබුණාද දන්නේ නැත. නො එසේ නම් ඔවුන් විසින් එය ඕනෑ කමින්ම පැහැර හැර ඇත.

ත්‍රස්ත ක්‍රියා සිදු කළ හැකි යැයි ප්‍රචලිත/දන්නා යම්කිසි කණ්ඩායමකට සංවිධානයකට එරෙහිව මෙරටේ නීතිය ක්‍රියාත්මක කරන්නට නොහැකීවීමට එම සංවිධානය හෝ කණ්ඩායම අදාල නීතිය යටතේ ලියාපදිංචි කිරීමක්/ලයිස්තු ගත කිරීමක් නොකර තිබීම හේතුවක් නම් ඒ අවදානම දැන ගත් වහාම එයට අවශ්‍ය පියවර ගත යුතුව තිබුණා නොවේ ද ???

අපේ සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ක්‍රියාකාරී වී ඇති තරම ජනතාව වශයෙන් අපට හිතා ගන්නට මෙය හොද අවස්ථාවකි.

එසේම ,,,

~බාහිර ක්‍රියාකාරකම් වලින් රහසිගත චේතනා හෙළිවේ~

ඔවුන් පුහුණු වී එන්නේ මෙහි බණ භාවනා කරන්නට නොව විදේශයන්හි දී වාර්තා වන පරිදි අප අහන දකින ආකාරයේ කිසියම් වූ අවස්ථාවක එල්ල කළ හැකි ත්‍රස්ත ප්‍රහාරයකට බව අවබෝධ කරගැනීමට නොහැකිවුනිද ???

~ පරිස්සම්කාරි වීම සුව කිරීමට වඩා අගනේය ~ ( Prevention is better than cure )

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් කිසියම් වූ කණ්ඩායමක සාමාජිකයන්ගෙන් කිසියම් වූ තර්ජනයක් ඇති බවට ප්‍රමාණවත්  දැනීමක් අවබෝධයක් තිබුණා නම් ප්‍රතිකාර කළ යුතු තත්වයකට පත් වන්නට පෙර තුවාල නොවී තියා ගැනීමට වගබලා ගැනීමේ යුතුකමක් මිනිසුන් පත් කළ  රජයට තිබුණා නොවේද ...

~ අයිතිවාසිකමක් ඇති තැන පිළියමක් ඇත ~

පුද්ගලයෙකුගේ මරණය සිදු කරන්නේ සහ දේපල අහිමි කරන්නේ නීතියට අනුව ය. එසේම
ජීවත් වීමේ අයිතිය සහ දේපල ආරක්ෂා කරගැනීමේ නෛතික අයිතියද පුරවැසියන්ට ඇත. එසේ නම් ඒ සදහා නෛතික ක්‍රමවේදයක් ඇත. එසේ නොමැති නම් නීති සෑදිය යුතු හෝ වෙයි.  ආණ්ඩු පත්කරන්නේ ඒකට ය!!!

කවර ආකාරයෙන් මතුවූවත් ත්‍රස්තවාදය යනු එක් රටකට පමණක් සීමා වූ අර්බුදයක් නොව අන්තර්ජාතික වශයෙන් සාමාන්‍ය ජන ජීවිතයට දේපලට බලපානා ප්‍රශ්නයකි. එවන් ප්‍රශ්නයක් ශ්‍රී ලාංකීය සමාජයට ඇති වීමේ ඉඩක් පිළිබඳ කරුණු දැනගෙන සිටිමින් එමගින් සිදුවිය හැකි කිසියම්ම මට්ටමක හානියක් වැළැක්වීම සඳහා පවතින නීති යම් ආකාරයකින් හෝ යොදා නොගෙන නො එසේ නම් අලුතින් නීති සෑදීමට හැකියාව තිබිය දී එසේ නොකොට දැන් නීතියක් නොතිබ්බ නිසා මොකුත් කරගන්න බැරි උනා යැයි පවසන්නේ නම් පැහැදිලිවම එය වගකීම් විරහිත ප්‍රකාශයක් ලෙස පෙනී යන එකක් වන අතර එවන් ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව බැහැර කල යුතුවේ!!!

No comments:

Post a Comment