Sunday, May 26, 2019

බෞද්ධ දර්ශනය තුල සටනකට යොමු කිරීමක් නැත.

බෞද්ධ දර්ශනය තුළ නම් අන්තවාදයකට හෝ ත්‍රස්තවාදයකට කොහෙත්ම ඉඩක් නැත.

බෞද්ධයකු යැයි කියා ගත් අයෙකුට අන්තවාදීව යමින් ත්‍රස්ත ප්‍රහාර සිදු කරන තැනට පත් විය හැකි මුත් සැබෑ ලෙස බෞද්ධ දර්ශනය ඒ අනුව නිවැරදිව ගමන් කරන අයකුට ( සිංහල බෞද්ධ හෝ දෙමළ බෞද්ධ ) එවන් තත්වයකට පත්විය නොහැක.

බෞද්ධයන් කිසිදිනෙක තණ්හාවෙන් රටවල් හෝ අන් අයගේ දේපළ ලබා ගැනීමට කිසිවකු සමග යුද වැදී නැත. සටන් කළා නම් සටන් කළේ ප්‍රහාර එල්ල කරනා අයගෙන් තමන්ගේ රට දැය / දේපල, ජීවිත දේ රැක ගන්නට එසේ නොකර බැරිම නිසාවෙන් පමණි.

තමන්ගේ මුල් ආගම හෝ දර්ශනය කුමක් වුවත් කිසියම් අයෙකු අන්තවාදීව යමින් ප්‍රශ්න ප්‍රහාර සිදු කරන තැනට පත්වන්නේ නම් එහි වරද මූලිකව ඇත්තේ ඒ තැනට එම තැනැත්තා යොමු කරවන යම් ඉගැන්වීමක ය.

හදුනා ගත් එවැනි ඉගැන්වීම් වේ නම් ඒවා නැවැත්වීමට අවශ්‍ය පියවර නීතියෙන් ගැනීම අවශ්‍ය ය.

එසේම එවැනි ඉගැන්වීමවලට පුද්ගලයෙකු යොමු නොවෙන පරිදි ආරක්ෂා කරගැනීමේ සහ පුද්ගලයෙකු එම තැනට යොමු වීම, තල්ලු වී යාම වැලක්වීමට සාමාන්‍ය සමාජයේ අපිට කළ හැකි දේ කිරීමේදී විශේෂයෙන් වචන අකුරු පුද්ගලයින්ගේ සිත් නොරිදවන අයුරින් හැසිරවීම බෙහෙවින් වැදගත් තැනක් ගනී.

එසේම සියලු දෙනා අතරේ සාමය, සමගිය, සංහිදියාව සහෝදරත්වය පවත්වා ගැනීමේදී පාලනයේ එක නීතියක වැදගත්කමද අනාගතයේ දී බුද්ධිමය සංවාදයකට ලක් කළ යුතු වැදගත් මාතෘකාවක් බව මා ද විශ්වාස කරනා වූ කාරණයක් වේ.

No comments:

Post a Comment