Tuesday, February 26, 2019

සත්‍යය ප්‍රතිරූපය සහ මතු කරනා ප්‍රතිරූපය

තවත් අයෙකු සමග යා යුතු එක්තරා ආයතනයකට අදාළ පනත, වැදගත් තවත් කාරණා සහ සිද්ධිමය කරුණු කල් ඇතිව කියවා ලැහැස්තිව සිටියදී මුහුණු පොතේ එකී ආයතනය ගැන තිබුණු අදහස්
උදෑසන අහම්බෙන් කියවීමට ලැබුණි.

ඒ අදහස් අනුව අදාළ ආයතනය සම්බන්ධව දැඩි විවේචන සමග මවා තිබුනේ කළු ප්‍රතිරුපයකි.
නමුත් අවස්ථාවට මුහුණ දීමට පෙර එහි සත්‍යතාවය තීරණය කරන්නට නොහැකි නිසා ඒවා එතරම් තැකීමක් නොකලද එසේ වුවද එයින් පසුව අදාළ පනත සිද්ධිමය කරුණු වලට මා තවත් අවධානය යොමු කොට තවත් සුදානම් වුයෙමි.

එසේම මුහුණු පොතේ දක්වා තිබුණු අඩුපාඩු සම්බන්ධව විශේෂයෙන් අවධානයේ පසුවන්නට සිතා ගත්තෙමි.
අවස්තාව උදාවිය.

ආරම්භයේ සිටම, මැද සහ අවසානය වන විටද තීරණය කල හැකි වුයේ මවා තිබුණාවූ කළු ප්‍රතිරූපය අහලකවත් නැති අතර මා සිතාගෙන සිටියාටත් වඩා සුහදශීලි ලෙසින් සංවේදී ලෙසින් අප ගිය කාරණය සම්බන්ධව අදාළ ආයතනය ක්‍රියාත්මක වූ බවය !!!

තමාගේ අවශ්‍යතාවයක් යම් ස්ථානයකින් ඉටු නොවුණු කල එම ස්ථානය පිලිබදව මැවෙන මතය කොහොමත් පිරිසිදු සුදු එකක් නොවේ. තමාගේ අවශ්‍යතාවය ඉටු කරගත හැකි මට්ටමේ එකක් ව තිබියදී ආයතනයේ අකාර්යක්ෂමතාවය නිසා ඉටු නො වී නම් එසේ මැවී යාමේ එක අතකට වරදක් ද නැත!

නමුත් තමාගේ අවශ්‍යතාවය ඉටු කරගත හැකි මට්ටමේ එකක් ව තිබියදී එසේ වුවත් කොහොම හෝ ඉටු කරගන්නට හිතාගෙන තිබියදී එය ඉටු නොවුනේ නම් සහ එයට මෝඩකම ඇතුළු එවන් මානසික තත්වද එක්වූ කල ප්‍රතිපල වන්නේ කොහොමත් සුදු ප්‍රතිරූපයක් නොවේ. එලෙස මවා පානා ප්‍රතිරුප මගින් විද්‍යාමාන වන්නේ සත්‍යය නොවේ.

No comments:

Post a Comment