Sunday, May 26, 2019

ඉවසීමෙන් සැනසීම සහ තවත් ප්‍රයෝජනවත් දේ ලබා ගන්නට

මේ විශේෂයෙන් ඔබ අප කවුරුත් හැගීම් ඉදිරියට නොගෙන ඉවසීමෙන්, කල්පනාවෙන් සහ බුද්ධිමත්ව වැඩකටයුතු කළයුතු  කාලයකි.

කිසියම්ම හේතුවක් මත කා සමග වත් ගැටුම් ඇති කරගැනීමට නොගොස්  කිසිවකුට හෝ ඔවුන්ගේ දේපලට පහර දීමක් හෝ නොකොට අන්තවාදීන් අල්ලා ගැනීම සදහා සිංහල දෙමළ මුස්ලිම් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස එකමුතුව පූර්ණ සහය ආරක්ෂක අංශ වලට දිය යුතුව ඇත.

කිසියම් වූ සාධාරණ හේතුවක් මත ඇතිවුවත් සාධාරණ වූ ආවේගයක් හෝ පිට කිරීමට මෙය අවස්ථාව නොවේ.

එයට හොදම අවස්ථාව ආරක්ෂාව සහතික වී සාමය නිසියාකාරව ස්ථාපිත වූ පසු කවර හෝ අවස්ථාවක පවත්වනු ලබන ඇති මැතිවරණයේදී කතිරය ගැසීමට ලැබෙන අවස්ථාවයි.

එතෙක් ඉවසන්න. ඒ අවස්ථාව කල් දමා ගැනීමට පාලකයන්ට කිසිදු ඉඩක්ද නොදෙන්නට වගබලාගන්න.

අනෙක් අතින් අපගේ රටේ අභ්‍යන්තර නමුත් විසදා ගත නොහැකි මට්ට්මේ ගැටුමක් ඇති බවත් එයට මැදිහත් වීමට ජාත්‍යන්තර නීතියට අනුව සාධාරණ යුක්තිමත්  අවස්ථාවක් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ විදේශීය රටකට තේරුම් ගැනීමට ඉඩ නොතැබිය යුතුද වෙයි.

මේ උදාවී ඇත්තේ ජාතික සමගිය, සංහිදියාව උපරිමයෙන් ලොවට සහ විශේෂයෙන් අන්තවාදීන්ට පෙන්නුම් කල යුතු කාලයයි.

හොදින් මතක තබා ගන්න. ගැටුම ඇති තැන වාසිය කවරාකාරයේ හෝ අන්තවාදීන්ටම පමණි.  එහි ගොදුරක් නොවන්නට සහ රටද ගොදුරක් වන තැනට ඉඩ නොතැබීමට කරුණාකර වග බලා ගන්න.

No comments:

Post a Comment