Sunday, May 26, 2019

ජාතික සමගිය වඩ වඩාත් වර්ධනය කරගත යුතුය

//සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය මගින් තහනම් කිරීම හේතුවෙන් අද (18) දහවල් කොටසක් ගිනි තබා විනාශ කිරීමටත් ඉතිරි එවා නිවෙස් වලට රැගෙන යාමටත් කටයුතු කර තිබුණි.

සාලියවැව නගරයේ බෞද්ධ හා කතෝලික තරුණ තරුණියන් එක්වී සතියක් පුරා සකස් කළ වෙසක් කූඩු තොගයකට ධර්ම චක්‍රය එක් පසෙකත් අනෙක් පසක කුරුසයත් සංකේත කරමින් ප්‍රදර්ශණය කිරීමට යාමේදි ඒ සඳහා විරෝධයක් එල්ල විය.  පසුව පුත්තලම භාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍රදේශයේ  සාමය ආරක්ෂා කිරීමට සාලියවැව පොලිසිය මගින් මෙම කුඩු ප්‍රදර්ශනය නවතා දැමීමට කටයුතු කර තිබුණි.

වෙසක් කුඩු ප්‍රදර්ශනය  තහනම් කිරීමත් සමග  සමග එවා සකස් කල පිරිස් අතර නොසන්සුන්තාවයක් මතුව තිබුණි.

මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවයක් සමග අවට පොලිස් ස්ථාන කීපයක් නිලධාරින් ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා තිබූ අතර පොලිස් නිලධාරීන් බලා සිටියදීම මෙම කූඩු ප්‍රදර්ශනයට ඉඩ නොදීමට විරෝධය දක්වා සුළු ප්‍රමාණයක් පුළුස්සා දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.//

http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/1-550680?fbclid=IwAR1Y3vPsLF00yDV2qqC44XtPNXy5pUb8XIpDN2CeRhqgIAv9RaUaTTWTNew

සම්පුර්ණ විස්තරය කියවූ කල බෞද්ධ අපගේ ඉතාමත් වැදගත් ඓතිහාසික වෙසක් උත්සව දිනයේදී මෙවන් පුවතක් කියවන්නට ලැබීමෙන් සිංහල බෞද්ධයෙකු වශයෙන්  මා හට ඇති වූයේ නම් සංවේගයකි.

අප කාගේත් සිත් නොසෑහෙන්නට රිදුනු ගෙවුනු කාලයෙන් පසුව ජාතික සමගිය, සංහිදියාව, සහජීවනය, සහෝදරත්වය වැඩි වැඩියෙන් අවැසි මට්ටමේ සහ ඉස්මතු කළ යුතු යුගයක එය ප්‍රායෝගික ව අර්ථ්වත් කරන්නට හොඳම දිනයක් වන වෙසක් පොහොය දිනයේදී  ධනාත්මක පියවරක් ලෙසින් බෞද්ධ දර්ශනයට පටහැනි නැති සහ නීතියට ද පටහැනි නැති ක්‍රියාවක් ලෙසින් හැඳින්විය හැකි වෙසක් කූඩුවල ආගමික සංකේත සටහන් කිරීමක් / කුරුසය දැමීමට පදනමක් නොමැති ආකාරයෙන් විරෝධතා පළ කිරීම සුදුසු නොවේ.

සරලව කිවහොත් වෙසක් කූඩුවක් නිසා මතවාදීව බෙදී වෙන් වී යෑම කොහෙත්ම සුදුසු දෙයක් නොවේ.

එහෙත් අවසානයේ සිදුවී ඇත්තේ කුමක්ද ...

ඔවුන් එකතුවී මහන්සියෙන් සාදාගත් වෙසක් කූඩු ප්‍රදර්ශනය කොට අහිංසක සතුටක් ලැබීමේ අවස්ථාව පදනමක් නොමැති විරෝධතාව නිසා බෞද්ධ කතෝලික දෙපිරිසට ම අහිමිවිය.

හරි නම් කතෝලික අයගේ පමණක් නොව මුස්ලිම් අයගේ ආගමික සංකේතයද වෙසක් කූඩුවට ඇතුළත් කළ යුතු නොවේද යන්න මා හට සිතුනු නිසා මා නම් මාගේ වෙසක් කූඩු සඳහා එසේ කළෙමි.

බුදු පියාණන් වහන්සේ යනු හුදෙක් බෞද්ධයන්ට  පමණක්ම අයිති ශාස්තෘවරයෙකු නොවේ. කතෝලික පමණක් නොව මුස්ලිම් කෙනෙකුට ද අවශ්‍ය නම් බෞද්ධ දර්ශනය හදාරන්නට, බෞද්ධයන්ගේ කටයුතු වලට උපකාර කරන්නට බෞද්ධ දර්ශනයෙන් හෝ නීතියෙන් බාධාවක් නැත. සාමය සංහිඳියාව වෙනුවෙන් හැකි තරමින් එසේ කිරීමද වැදගත්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවාසි සෑම තැනැත්තෙකුගේමූලික යුතුකම් අතරේ එකක් නම් ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම යන්නයි.

මා දුටු තවත් ඡායාරූප කීපයක වූයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් වෙසක් සැරසීම් වලට උපකාර කිරීම්, බෞද්ධ කොඩි ගෙන යාම, මුස්ලිම් කාන්තාවන් කිහිප දෙනෙක් මල් වට්ටි ‍රැගෙන යාමකි. ඒ සම්බන්ධව සතුටුදායක ප්‍රතිචාරයක් ඇතැමුන් දක්වා නොතිබුණි. එහෙත් එය සතුටු විය යුතුව තිබුණු කාරණයකි.

කෙසේ නමුත් ඉතා සුළු පිරිසක් විසින් සිදු කළ හැකි පදනමක් නොමැති මට්ටමේ විරෝධතා සැලකිය යුතු නැත.

ඒවාට ප්‍රතිචාර දැක්විය යුත්තේ වඩ වඩාත් සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අතරේ ජාතික සමගිය, සංහිදියාව, සහජීවනය සහෝදරත්වය වැඩි වර්ධනය වන ක්‍රියාකාරකම් වැඩි වැඩියෙන් සිදු කිරීමෙනි.

No comments:

Post a Comment