Sunday, May 26, 2019

සමගිය තුලින් අන්තවාදය පරාජය කල හැකිය.

බෞද්ධ දර්ශනය හෝ බුදුහාමුදුරුවෝ අයිති බෞද්ධ අපටම පමණක් නොවේ.

අවැසි නම් තෙල් මල් රැගෙන අපගේ ආගමික සිද්ධස්ථාන වලට කතෝලිකයාද, මුස්ලිම් බැතිමතාද ඒ නිසි ගෞරවය ද ලබා දෙමින් පැමිණෙන්නේ නම් එයට අපගේ බෞද්ධ දර්ශනයෙන් සහ නිතියෙන්ද බාධාවක්ද නැති කළ ඇතැමුන් අනවශ්‍ය විරෝධයක් පළ කරන්නේ හෝ ඒ දෙස වපර ඇසින් බලන්නේ කවර වූ පදනමකින්ද යන්න පැහැදිලි නැත.

විශේෂයෙන් ජාතික සමගිය සංහිඳියාව සහජීවනය යන්න වැඩි වශයෙන් ප්‍රායෝගිකව අර්ථවත් කළ යුතු මේ කාලයේ මේ ආකාරයෙන් සිතන්නේ නම් එය කනගාටුවට ද කරුණක් වෙයි.

ඒ අනුව එය අප අගය කළ යුතු දෙයක් මිසක හාස්‍යයට හෝ අවමානයට ලක්කළ යුතු දෙයක් නොවේ.

සැලකිය යුතු කරුණ නම් අප සිතන, කරන, කියන දෙය රැගෙන යන්නේ අප බවත් ඔවුන් සිතන, කරන කියන දේ හි විපාක ගෙන යන්නේ ඔවුන් ද බවත්ය. ඔවුන් ඒ දේ කරනා චින්තනයේ වරදක් ක්‍රියාවක් හෝ වචන වලින් පෙන්නුවහොත් පමණක් එයට විරෝධය පළ කරන්නට අපට සාධාරණ අයිතියක් ඇතිවන බවත්ය.

අනෙක් අතින් වෙසක් කූඩුවක කුරුසේ ඇලෙව්වත්, මුස්ලිම් අය තෙල් මල් අරන් පන්සල් ආවත් අපේ සමහරක් අයට අනුව ඒක වැරදි ආකාරයකි. ඒ අනුව ඔවුන් සාමය, සහජීවනය පෙන්විය යුතු ආකාරය පැහැදිලි නැත.

කතෝලික, මුස්ලිම් සහෝදර සහෝදරියන් රටේ ප්‍රධාන සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කිරීම වෙනුවෙන් ගන්නාවූ සාධනීය ක්‍රියාකාරකම් අප විසින් ඉහලින් අගය කල යුතුවේ.

මේ අවස්ථාවේ වැදගත් වන්නේ සාමයේ, සමගියේ සහජීවනයේ  සහෝදරත්වයේ දෑත හැකි උපරිමයෙන් අප කතෝලික හා මුස්ලිම් ප්‍රජාව වෙත යොමුකිරීමය. බෞද්ධයන් වශයෙන් ඒ හිලව්වට අප ඔවුන්ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු විය යුතුද නැත. ඔවුන් එයට ප්‍රතිචාර දක්වන ආකාරය ඔවුන්ට අයත් දෙයකි. අප යහපත් සිතින් කළ කී දේ අප සමඟ රැඳෙනු ඇත.

No comments:

Post a Comment