නීතිය පිළිබදව ඇති සාමාන්ය මට්ටමේ හෝ අවබෝධයක් සමාජයක පුරවැසියන්ටද තිබීම වැදගත් වන්නේ එදිනෙදා ජීවිතය ක්‍රමවත්ව සැලසුම් කරගැනීමට, අන් අයගේ අයිතිවාසිකම් හදුනා ගෙන ඊට ගරු කරමින් නීතියේ සීමාවන් තුල ඉඩ දෙමින් කටයුතු කිරීමට හා සිය අයිතිවාසිකම් කඩ වීමකදී ප්‍රතිකර්ම ලබා ගැනීම වැනි කාරණා පිණිසය, එසේම විවිධ ක්ශේත්‍රවලට අදාලව වැදගත් තීන්දු ගැනීමට සිදුවන අවස්ථාවන්හිදී ඒ සදහා මගපෙන්වීමක් ලැබීමද වැදගත්ය. මේ ඒ වෙනුවෙන් දායකත්වයක් දීමට මා ගත් උත්සාහයක ප්රතිඵලයකි. ඔබට ජය! ~ නීතිඥ දිලීප් ප්‍රසාද් ~
Monday, July 5, 2021
ධර්මයුද්ධය 🎬 නීතියේ ඇසින් සහ ඒ තුල අපට දෙන / ගත හැකි පණිවිඩ...
Sunday, July 4, 2021
නොසැලකිල්ලට අදාළව සැලකිල්ලෙන් කියවිය යුතු Donoghue v Stevenson (1932) නඩුව...
◼️ නොසැලකිල්ලට අදාළව සැලකිල්ලෙන් කියවිය යුතු Donoghue v Stevenson (1932) නඩුව...
🔷නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක වීමෙන් තවත් අයෙකුගේ නෛතික අයිතියක් කඩවීමේදී එයට නීතියෙන් ප්‍රතිකර්ම ලබා ගැනීමට හැකියාව ඇත.
එහිදී නොසැලකිල්ල ඔප්පු කිරීම සඳහා
1. අවධානිය යුතුකමක් තිබුණු බව එනම් අන් අයගේ ආරක්ෂාව / යහපත පිළිබඳව සාමාන්‍ය සිහිබුද්ධිය ඇති තැනැත්තෙකු විසින් සැළකිලිමත් වීමේ නෛතික යුතුකම - Duty of care
2. එම නෛතික යුතුකම කඩ කිරීම - breach of that duty
3. එමගින් සහන ඉල්ලන පාර්ශවයට හානියක් සිදුවී තිබුණු බව - causing damage
යන කාරණා තුනම පැමිණිලිකාර පාර්ශ්වය විසින් වැඩි බර සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බව පිළිගැනීමයි.
🔷මෙහිදී වග උත්තරකරු විසින් පෙත්සම්කාර පාර්ශවයේ යම් අවස්ථාවකට අදාලව නීතියෙන් ආරක්ෂා කර තිබූ නීතිමය යුතුකමක් කඩ කලේ යැයි චෝදනා එල්ල කරනු ලබයි.
◾️නාශය නැති තැන නඩු කර නොමැත.
◾️ස්වේච්ඡා හානිය වරදක් නොවේ.
◾️හැම තැනැත්තෙකු විසින් ම දත යුතු දේ නොදැනීම සමාවට කරුණක් නොවේ.
◾️දේව ක්‍රියා වලට වෙනත් අය වගනොකියයි.
🔷අවස්ථානුකූලව නෛතික වගකීමක් මතු නොවෙන ඉහත බදු අවස්ථාද ඇති බැවින් චෝදනා එල්ල කළ යුත්තේ අවස්ථානුකූලව පිළිගත හැකි නෛතික පදනමක් මතය. එසේම චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ද තිබිය යුතුවේ.
🔥එහිදී 1932 දී තීරණය කරනු ලැබූ ප්‍රසිද්ධ නඩුවක් වන Donoghue v Stevenson නඩුව වැදගත්ය.
🔷එය දිලික්ත නීතියේ අවධානීය යුතුකම පැවරීම පිළිබදව සන්ධිස්ථානයක් සනිටුහන් කල නඩු තීන්දුවක් ලෙසින්ද සැලකෙන නඩුවකි ( Landmark Judgment - snail in the bottle case )
🔷සිද්ධිමය කරුණු කෙටියෙන් සැලකූ කල, ඩොනගියු මහත්මිය මිතුරියක්ද සමගින් ආපන ශාලාවකට ගොස් පානය කිරීමට ජින්ජර් බියර් මිලදී ගෙන තිබුණි. මුදල් ගෙවා බීම මිලදීගෙන තිබුනේ ඩොනගියු මහත්මියගේ මිතුරියයි. අඳුරු පැහැති වීදුරුවෙන් සාදා තිබූ බීම බෝතලයේ වූ බීම ඩොනගියු මහත්මිය පානය කරමින් සිටි අතර වීදුරුවකටද වත් කළ පසු ඒ තුල ගොළුබෙල්ලෙකුගේ කොටස් තිබෙනු ඇය දැක ඇති අතර ඉන් කම්පනයට පත්ව පසුව ඇය අසනිපද වී තිබුණි. වන්දි ලබා ගැනීමට නඩු පැවරීමට ඇයට ගිවිසුම් නීතිය යටතේ නොහැකිවූයේ ඇය එම මිලදී ගැනීම සිදු නොකල නිසාය. එනම් ගිවිසුමට පාර්ශවකරුවෙකු නොවුණු නිසාය. ඒ අනුව ගිවිසුමෙන් බැහැරව තෝරත (Tort) / දිලික්ත නීතිය යටතේ Stevenson නම් නිෂ්පාදකයාට එරෙහිව නඩු පවරනු ලැබු අතර සාර්ථක විය.
🔷ඒ වන විට නොසැලකිල්ල සම්බන්ධව තිබුණු නීතිමය තත්ත්වය අනුව නිෂ්පාදකයාට ගිවිසුමකින් පරිබාහිරව වගකීමක් පැවරුණේ
1. යම්කිසි ඌනතාවයක් නිසා නිෂ්පාදනයක් හානිකර තත්ත්වයට පත්ව ඇති බව දැන දැන එය පාරිභෝගිකයාගෙන් සැඟවූයේ නම්
2. යම්කිසි නිෂ්පාදනයක් එනයින්ම( per se ) හානිකර වන අවස්ථාවක ඒ පිළිබඳ පාරිභෝගිකයන්ට දැනුවත් කිරීමක් කිරීමට අපොහොසත් වී ඇති නම් ය.
ඒ අනුව එම කරුණු ඔප්පු කිරීමට අසමත් වූයේ නම් වන්දි ලබා ගැනීමට නොහැකි විය.
🔷Mullen v. AG Barr නම් නඩුවක දී සිසිල්බීම බෝතලයක් තුළ මීයෙකු මිය ගොස් සිටි සිදුවීමේදී එම නඩුව අසාර්ථක වී තිබිණ.
එම නීතිමය තත්ත්වය පාරිභෝගිකයන්ගේ පැත්තෙන් වඩා යහපත් වන පැත්තට පුළුල්වීමක් මෙම නඩුවේ දී සිදුවිය.
🔷නමුත් මෙම නඩුවට පෙර ගිවිසුම්ගත වගකීම සහ ගිවිසුමකින් බැහැර වගකීම වෙන් කිරීමට යම් උත්සාහයන් තිබී ඇති නමුත් එය පැහැදිලිවම සිදුවූයේ මෙම නඩුවේ දී යැයි සැලකේ.
🔷Donoghue v Stevenson හිදි ඇට්කින් විනිසුරුතුමා දැක්වූ පරිද්දෙන් ගිවිසුමක් නොමැති අවස්ථාවකදී අවධානිය යුතුකමක් තිබුණාදැයි සැලකීමේදී පරීක්ෂණ 2 ක් අදාල කරගනී.
1. පූර්වෙක්ෂණය කීරිමේ පරීක්ෂාව (Forseeability Test)
එනම් තම ක්‍රියාවක හෝ නොකර හැරීමක් නිසා අන් අයහට සිදුවිය හැකි අන්තරාදායකර තත්වයේ ප්‍රතිඵල පිළිබදව සාමාන්ය සිහිබුද්ධිය ඇති අයකු වශයෙන් දැන ගැනීමේ හැකියාවයි. මෙහිදී පුද්ගලයින් සාමාන්‍ය සිහි බුද්ධිය ඇති අය වශයෙන් ( Reasonable Prudent man ) සලකා අන් අයට හානි නොකොට සිටිය යුතු බවට වූ දැනුම ඇති අය සේ සලකයි.
2. සමීපබවේ පරීක්ෂාව (Proximity Test)
එනම් තම ක්‍රියාවක හෝ නොකර හැරීමක් නිසා අන් අයහට සිදුවිය හැකි අන්තරාදායකර තත්වයේ ප්‍රතිඵල වැලක්වීම පිළිබදව සාමාන්ය සිහිබුද්ධිය ඇති අයකු වශයෙන් කටයුතු කල යුත්තේ සාධාරණ ලෙසින් අපේක්ෂා කල හැකි සමීප දුරකින් සිටින අය වෙනුවෙන් පමණක් බවයි.
මෙම තත්වයට යම් වෙනස් කමක් එක් වූයේ 1977 න් පසුවය.
🔷එහිදී Anns V London Borough Merton ( 1977 ) හිදී විල්බෆෝස් විනිසුරුතුමා තවත් නඩු තුනකද කරුනු දක්වා ඉදිරිපත් කල තත්වයට අනුව කලින් කී පූර්වෙක්ෂණය කීරිමේ පරීක්ෂාවෙන් හා සමීපබවේ පරීක්ෂාවෙන් සමත් වූ පමණින්ම අවධානිය යුතුකමක් පවතින්නේ නැති බවත් එවැන්නක් ඇති බව බැලු බැල්මට ( primafacie ) තිබෙන තත්වයක් පමණක් ඇති බවත් ඒ වන විට පිළිගන්නාවූ යම් ප්‍රතිපත්ති හා වගකීමට බැදෙන තත්වය අඩු කරනා යම් තත්වයන් වේ නම් ( බැහැර කිරීමේ වගන්ති වැනි ) එවැනි දෑට යටත්ව අවධානිය යුතුකම පැන නගින බව දක්වන ලදී.
🔷මේ තත්වය 1984 න් පසුව තවත් ඉදිරියට ගොස් ඇත. Donoghue v Stevenson හිදි ඇට්කින් විනිසුරුතුමා දැක්වූ පරීක්ෂණ දෙකට අමතරව Caparo Industries PLC V Dickman 1990 හිදී බ්‍රිජ් විනිසුරුතුමා දැක්වූ කරුනු අනුව ඉහත පරික්ෂණ දෙකට අමතරව අවස්ථාව අනුව එවන් අවධානීය යුතුකමක් විත්තිකරුවෙත පැවරීම කොතරම් සාධාරණද ( Reasonability ) යන්නද සැලකිය යුතු බව දක්වන ලදී.
ඒ අනුව වර්තමානය වන විටදී
* පූර්වේක්ෂණය කිරිමේ පරීක්ෂාව (foreseeability)
* සමීපබවේ පරීක්ෂාව (proximity)
* වගකීම පැවරීම කොතරම් සාධාරණද ( fairness
)
යන්න පිළිබද පරීක්ෂාවට යටත්ව අවධානීය යුතුකම පැවරීම සිදුවේ.
මෙම නඩුව තුළින් අවධානයට ලක්කර ඇති කාරණා අනුව
✳️ ගිවිසුමකින් බැහැරව නොසැලකිල්ල යන්න මතම නඩු පැවරිය හැකි බව. එය වැදගත් එක් සන්ධිස්ථානයකි (Negligence in tort law issue settled)
✳️ පාරිභෝගිකයෙකු වෙත ළඟා වන නිෂ්පාදකයකු ගේ භාණ්ඩ භාවිතා කිරීමේදී පාරිභෝගිකයාට හානියක් සිදු නොවී තිබිමට වගබලා ගැනීමේ නෛතික යුතුකමක් නිශ්පාදකයා සතු බව ( Duty of Care )
✳️ අසල්වැසියා සම්බන්ධ මූලධර්මය (Neighbour principle)
අසල්වැසියාට ප්‍රේම කිරීම හෝ නොකිරීම පිළිබඳව තෝරාගැනීමක් යම් අයෙකුට තිබිය හැකි වුවත් තමන්ගේ ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් අසල්වැසියාට හානියක් සිට නොවීමට වග බලා ගැනීමට නම් ඇත්තේ නෛතික යුතුකමක් නිසා එය අනිවාර්යයෙන්ම කළ යුත්තකි.
Neighbour Principle - The rule that you are to love your neighbour becomes in law, you must not injure your neighbour
🔷මෙහිදී අසල්වැසියා යනු යම් තැනැත්තෙකුගේ නිවසට යාබදව පදිංචිව සිටින අය පමණක්ම නොවේ. යම්කිසි තැනැත්තකු සිටින්නේ කවර ස්ථානයකද ඔහු හෝ ඇය අසල සිටින තමන්ගේ ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් හානියකට පත් විය හැකි සෑම දෙනාම නීතියට අනුව අසල්වැසියන් වේ.
🔷මේ අනුව නොසැලකිලිමත් ක්‍රියාවකින් හානි සිදුව එයට නීතියෙන් ප්‍රතිකර්ම ලබා දුන් එක් අවස්ථාවක් පමණක්ම නොව තවත් කාරණා අතින් Donoghue v Stevenson නඩුව නීති ක්ෂේත්‍රයේ වැදගත් නඩුවක්ද වේ.
✍️ නීතිඥ දිලිප් ප්‍රසාද්
Sunday, May 26, 2019
දුම්රිය මැදිරිතුල ඇති රාක්ක වල ගමන්මලු තැබීමෙන් වැළකීමේ වැදගත්කම
දුම්රිය මැදිරි රාක්ක වල ගමන්මලු තැබීමෙන් වැළකීම සම්බන්ධව විවිධ මත තිබිය හැක.
වෙනදා මෙන් නොව අපහසුවෙන් බෑග් සමග ගමන් කිරීමට සිදුවීම ප්‍රධානම විරෝධතාවයයි.
නමුත් අපහසුවෙන් හෝ තමන්ගේ ගමන් මළු තමන් ලගම තියා ගැනීමෙන් මගීන්ගේ අවධානය යොමු නොවෙන ක්ෂණයකින් බෑගයක් ඕනෑකමින් බැරිකර ගොස් ගමන් ගන්නා මගීන්ට විනාශයක් කරන්නට පොදු සතුරාට අවස්ථාවක් කරගත හැකි විවිධ අවස්ථා අතරින් එක අවස්ථාවක් වඩා පහසුවෙන් වලකා ගැනීමට රාක්ක වල ගමන් මලු නොතැබීමෙන් හැකිවනු ඇත.
එනිසා විවිධ මත මත වාද පසෙකලා එම දැන්වීම/නිවේදනය නිකුත් කරන කාලයක් දක්වා ඒ අනුව කවුරුත් කටයුතු කිරීම කාගේත් ආරක්ෂාවට නියත වශයෙන්ම හේතු වනු ඇත!
දුම්රිය මැදිරි වල රාක්ක වල ගමන් මලු නොතබා තම තමන් ළඟම ඒවා තබා ගැනීමෙන් යම් අපහසුතාවයකට පත් වන නමුත් එමගින් රාක්කයක් මත බෑගයක් දමා ගොස් මගීන්ට විනාශයක් සිදු කිරීමට පොදු සතුරාට අවස්ථාව අහිමි වනු ඇති නිසාවෙන් එසේ කිරීම වටී!!!
කෙසේ නමුත් කිසිවකු අතට නොගන්නා සහ වාඩි වී හෝ සිටගෙන සිටිනා අයෙකුට අයත් බෑගයක් / පෙට්ටියක් / මල්ලක් දුම්රිය මැදිරියක තිබේනා බව පෙනී යන්නේ නම් ඒ පිලිබදව හැකි ඉක්මනින් ආරක්ෂක අංශ දැනුවත් කිරීම යුතුකමකි.
ඉවසීමෙන් සැනසීම සහ තවත් ප්‍රයෝජනවත් දේ ලබා ගන්නට
කිසියම්ම හේතුවක් මත කා සමග වත් ගැටුම් ඇති කරගැනීමට නොගොස් කිසිවකුට හෝ ඔවුන්ගේ දේපලට පහර දීමක් හෝ නොකොට අන්තවාදීන් අල්ලා ගැනීම සදහා සිංහල දෙමළ මුස්ලිම් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස එකමුතුව පූර්ණ සහය ආරක්ෂක අංශ වලට දිය යුතුව ඇත.
කිසියම් වූ සාධාරණ හේතුවක් මත ඇතිවුවත් සාධාරණ වූ ආවේගයක් හෝ පිට කිරීමට මෙය අවස්ථාව නොවේ.
එයට හොදම අවස්ථාව ආරක්ෂාව සහතික වී සාමය නිසියාකාරව ස්ථාපිත වූ පසු කවර හෝ අවස්ථාවක පවත්වනු ලබන ඇති මැතිවරණයේදී කතිරය ගැසීමට ලැබෙන අවස්ථාවයි.
එතෙක් ඉවසන්න. ඒ අවස්ථාව කල් දමා ගැනීමට පාලකයන්ට කිසිදු ඉඩක්ද නොදෙන්නට වගබලාගන්න.
අනෙක් අතින් අපගේ රටේ අභ්‍යන්තර නමුත් විසදා ගත නොහැකි මට්ට්මේ ගැටුමක් ඇති බවත් එයට මැදිහත් වීමට ජාත්‍යන්තර නීතියට අනුව සාධාරණ යුක්තිමත් අවස්ථාවක් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ විදේශීය රටකට තේරුම් ගැනීමට ඉඩ නොතැබිය යුතුද වෙයි.
මේ උදාවී ඇත්තේ ජාතික සමගිය, සංහිදියාව උපරිමයෙන් ලොවට සහ විශේෂයෙන් අන්තවාදීන්ට පෙන්නුම් කල යුතු කාලයයි.
හොදින් මතක තබා ගන්න. ගැටුම ඇති තැන වාසිය කවරාකාරයේ හෝ අන්තවාදීන්ටම පමණි. එහි ගොදුරක් නොවන්නට සහ රටද ගොදුරක් වන තැනට ඉඩ නොතැබීමට කරුණාකර වග බලා ගන්න.
සමගිය තුලින් අන්තවාදය පරාජය කල හැකිය.
අවැසි නම් තෙල් මල් රැගෙන අපගේ ආගමික සිද්ධස්ථාන වලට කතෝලිකයාද, මුස්ලිම් බැතිමතාද ඒ නිසි ගෞරවය ද ලබා දෙමින් පැමිණෙන්නේ නම් එයට අපගේ බෞද්ධ දර්ශනයෙන් සහ නිතියෙන්ද බාධාවක්ද නැති කළ ඇතැමුන් අනවශ්‍ය විරෝධයක් පළ කරන්නේ හෝ ඒ දෙස වපර ඇසින් බලන්නේ කවර වූ පදනමකින්ද යන්න පැහැදිලි නැත.
විශේෂයෙන් ජාතික සමගිය සංහිඳියාව සහජීවනය යන්න වැඩි වශයෙන් ප්‍රායෝගිකව අර්ථවත් කළ යුතු මේ කාලයේ මේ ආකාරයෙන් සිතන්නේ නම් එය කනගාටුවට ද කරුණක් වෙයි.
ඒ අනුව එය අප අගය කළ යුතු දෙයක් මිසක හාස්‍යයට හෝ අවමානයට ලක්කළ යුතු දෙයක් නොවේ.
සැලකිය යුතු කරුණ නම් අප සිතන, කරන, කියන දෙය රැගෙන යන්නේ අප බවත් ඔවුන් සිතන, කරන කියන දේ හි විපාක ගෙන යන්නේ ඔවුන් ද බවත්ය. ඔවුන් ඒ දේ කරනා චින්තනයේ වරදක් ක්‍රියාවක් හෝ වචන වලින් පෙන්නුවහොත් පමණක් එයට විරෝධය පළ කරන්නට අපට සාධාරණ අයිතියක් ඇතිවන බවත්ය.
අනෙක් අතින් වෙසක් කූඩුවක කුරුසේ ඇලෙව්වත්, මුස්ලිම් අය තෙල් මල් අරන් පන්සල් ආවත් අපේ සමහරක් අයට අනුව ඒක වැරදි ආකාරයකි. ඒ අනුව ඔවුන් සාමය, සහජීවනය පෙන්විය යුතු ආකාරය පැහැදිලි නැත.
කතෝලික, මුස්ලිම් සහෝදර සහෝදරියන් රටේ ප්‍රධාන සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කිරීම වෙනුවෙන් ගන්නාවූ සාධනීය ක්‍රියාකාරකම් අප විසින් ඉහලින් අගය කල යුතුවේ.
මේ අවස්ථාවේ වැදගත් වන්නේ සාමයේ, සමගියේ සහජීවනයේ සහෝදරත්වයේ දෑත හැකි උපරිමයෙන් අප කතෝලික හා මුස්ලිම් ප්‍රජාව වෙත යොමුකිරීමය. බෞද්ධයන් වශයෙන් ඒ හිලව්වට අප ඔවුන්ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු විය යුතුද නැත. ඔවුන් එයට ප්‍රතිචාර දක්වන ආකාරය ඔවුන්ට අයත් දෙයකි. අප යහපත් සිතින් කළ කී දේ අප සමඟ රැඳෙනු ඇත.
ජාතික සමගිය වඩ වඩාත් වර්ධනය කරගත යුතුය
සාලියවැව නගරයේ බෞද්ධ හා කතෝලික තරුණ තරුණියන් එක්වී සතියක් පුරා සකස් කළ වෙසක් කූඩු තොගයකට ධර්ම චක්‍රය එක් පසෙකත් අනෙක් පසක කුරුසයත් සංකේත කරමින් ප්‍රදර්ශණය කිරීමට යාමේදි ඒ සඳහා විරෝධයක් එල්ල විය. පසුව පුත්තලම භාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට සාලියවැව පොලිසිය මගින් මෙම කුඩු ප්‍රදර්ශනය නවතා දැමීමට කටයුතු කර තිබුණි.
වෙසක් කුඩු ප්‍රදර්ශනය තහනම් කිරීමත් සමග සමග එවා සකස් කල පිරිස් අතර නොසන්සුන්තාවයක් මතුව තිබුණි.
මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවයක් සමග අවට පොලිස් ස්ථාන කීපයක් නිලධාරින් ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා තිබූ අතර පොලිස් නිලධාරීන් බලා සිටියදීම මෙම කූඩු ප්‍රදර්ශනයට ඉඩ නොදීමට විරෝධය දක්වා සුළු ප්‍රමාණයක් පුළුස්සා දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.//
http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/1-550680?fbclid=IwAR1Y3vPsLF00yDV2qqC44XtPNXy5pUb8XIpDN2CeRhqgIAv9RaUaTTWTNew
සම්පුර්ණ විස්තරය කියවූ කල බෞද්ධ අපගේ ඉතාමත් වැදගත් ඓතිහාසික වෙසක් උත්සව දිනයේදී මෙවන් පුවතක් කියවන්නට ලැබීමෙන් සිංහල බෞද්ධයෙකු වශයෙන් මා හට ඇති වූයේ නම් සංවේගයකි.
අප කාගේත් සිත් නොසෑහෙන්නට රිදුනු ගෙවුනු කාලයෙන් පසුව ජාතික සමගිය, සංහිදියාව, සහජීවනය, සහෝදරත්වය වැඩි වැඩියෙන් අවැසි මට්ටමේ සහ ඉස්මතු කළ යුතු යුගයක එය ප්‍රායෝගික ව අර්ථ්වත් කරන්නට හොඳම දිනයක් වන වෙසක් පොහොය දිනයේදී ධනාත්මක පියවරක් ලෙසින් බෞද්ධ දර්ශනයට පටහැනි නැති සහ නීතියට ද පටහැනි නැති ක්‍රියාවක් ලෙසින් හැඳින්විය හැකි වෙසක් කූඩුවල ආගමික සංකේත සටහන් කිරීමක් / කුරුසය දැමීමට පදනමක් නොමැති ආකාරයෙන් විරෝධතා පළ කිරීම සුදුසු නොවේ.
සරලව කිවහොත් වෙසක් කූඩුවක් නිසා මතවාදීව බෙදී වෙන් වී යෑම කොහෙත්ම සුදුසු දෙයක් නොවේ.
එහෙත් අවසානයේ සිදුවී ඇත්තේ කුමක්ද ...
ඔවුන් එකතුවී මහන්සියෙන් සාදාගත් වෙසක් කූඩු ප්‍රදර්ශනය කොට අහිංසක සතුටක් ලැබීමේ අවස්ථාව පදනමක් නොමැති විරෝධතාව නිසා බෞද්ධ කතෝලික දෙපිරිසට ම අහිමිවිය.
හරි නම් කතෝලික අයගේ පමණක් නොව මුස්ලිම් අයගේ ආගමික සංකේතයද වෙසක් කූඩුවට ඇතුළත් කළ යුතු නොවේද යන්න මා හට සිතුනු නිසා මා නම් මාගේ වෙසක් කූඩු සඳහා එසේ කළෙමි.
බුදු පියාණන් වහන්සේ යනු හුදෙක් බෞද්ධයන්ට පමණක්ම අයිති ශාස්තෘවරයෙකු නොවේ. කතෝලික පමණක් නොව මුස්ලිම් කෙනෙකුට ද අවශ්‍ය නම් බෞද්ධ දර්ශනය හදාරන්නට, බෞද්ධයන්ගේ කටයුතු වලට උපකාර කරන්නට බෞද්ධ දර්ශනයෙන් හෝ නීතියෙන් බාධාවක් නැත. සාමය සංහිඳියාව වෙනුවෙන් හැකි තරමින් එසේ කිරීමද වැදගත්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවාසි සෑම තැනැත්තෙකුගේමූලික යුතුකම් අතරේ එකක් නම් ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම යන්නයි.
මා දුටු තවත් ඡායාරූප කීපයක වූයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් වෙසක් සැරසීම් වලට උපකාර කිරීම්, බෞද්ධ කොඩි ගෙන යාම, මුස්ලිම් කාන්තාවන් කිහිප දෙනෙක් මල් වට්ටි රැගෙන යාමකි. ඒ සම්බන්ධව සතුටුදායක ප්‍රතිචාරයක් ඇතැමුන් දක්වා නොතිබුණි. එහෙත් එය සතුටු විය යුතුව තිබුණු කාරණයකි.
කෙසේ නමුත් ඉතා සුළු පිරිසක් විසින් සිදු කළ හැකි පදනමක් නොමැති මට්ටමේ විරෝධතා සැලකිය යුතු නැත.
ඒවාට ප්‍රතිචාර දැක්විය යුත්තේ වඩ වඩාත් සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අතරේ ජාතික සමගිය, සංහිදියාව, සහජීවනය සහෝදරත්වය වැඩි වර්ධනය වන ක්‍රියාකාරකම් වැඩි වැඩියෙන් සිදු කිරීමෙනි.
බෞද්ධ දර්ශනය තුල සටනකට යොමු කිරීමක් නැත.
බෞද්ධයකු යැයි කියා ගත් අයෙකුට අන්තවාදීව යමින් ත්‍රස්ත ප්‍රහාර සිදු කරන තැනට පත් විය හැකි මුත් සැබෑ ලෙස බෞද්ධ දර්ශනය ඒ අනුව නිවැරදිව ගමන් කරන අයකුට ( සිංහල බෞද්ධ හෝ දෙමළ බෞද්ධ ) එවන් තත්වයකට පත්විය නොහැක.
බෞද්ධයන් කිසිදිනෙක තණ්හාවෙන් රටවල් හෝ අන් අයගේ දේපළ ලබා ගැනීමට කිසිවකු සමග යුද වැදී නැත. සටන් කළා නම් සටන් කළේ ප්‍රහාර එල්ල කරනා අයගෙන් තමන්ගේ රට දැය / දේපල, ජීවිත දේ රැක ගන්නට එසේ නොකර බැරිම නිසාවෙන් පමණි.
තමන්ගේ මුල් ආගම හෝ දර්ශනය කුමක් වුවත් කිසියම් අයෙකු අන්තවාදීව යමින් ප්‍රශ්න ප්‍රහාර සිදු කරන තැනට පත්වන්නේ නම් එහි වරද මූලිකව ඇත්තේ ඒ තැනට එම තැනැත්තා යොමු කරවන යම් ඉගැන්වීමක ය.
හදුනා ගත් එවැනි ඉගැන්වීම් වේ නම් ඒවා නැවැත්වීමට අවශ්‍ය පියවර නීතියෙන් ගැනීම අවශ්‍ය ය.
එසේම එවැනි ඉගැන්වීමවලට පුද්ගලයෙකු යොමු නොවෙන පරිදි ආරක්ෂා කරගැනීමේ සහ පුද්ගලයෙකු එම තැනට යොමු වීම, තල්ලු වී යාම වැලක්වීමට සාමාන්‍ය සමාජයේ අපිට කළ හැකි දේ කිරීමේදී විශේෂයෙන් වචන අකුරු පුද්ගලයින්ගේ සිත් නොරිදවන අයුරින් හැසිරවීම බෙහෙවින් වැදගත් තැනක් ගනී.
එසේම සියලු දෙනා අතරේ සාමය, සමගිය, සංහිදියාව සහෝදරත්වය පවත්වා ගැනීමේදී පාලනයේ එක නීතියක වැදගත්කමද අනාගතයේ දී බුද්ධිමය සංවාදයකට ලක් කළ යුතු වැදගත් මාතෘකාවක් බව මා ද විශ්වාස කරනා වූ කාරණයක් වේ.
