Friday, June 15, 2018

මයි කා මයි පෙට්‍රෝල් න්‍යාය

සල්ලි අතට ලැබෙන්නේ පෙර පිනට ය.

ඒවා වියදම් කරන්නේ පිනට බරවද පවට බරවද යන්න පුද්ගලයාගේ මනාපය ( කරුමය ) මත තීරණය වේ.
කෙසේ එය කර්මයට බාර නොදී සකසා ගත හැකි කාරනාවක්දයි බැලීමට මග පෙන්වීමක් කිරීමට යුතුකමක් සමාජයට ඇත. එහිදී පිළිතුරු ලෙස ඇතැමුන් මයි කා මයි පෙට්‍රෝල් න්‍යාය ඉදිරිපත් කරනු දකින්නට ඇත.

එහෙත් අමතක නොකළ යුත්තේ ,,,

කිසිවකු ධනය උපයන්නේ / ලැබෙන්නේ ධාර්මිකවද යන්න සහ ඒවා වියදම් කරන්නේ ධාර්මික කටයුතු වෙනුවෙන්ද / වියදම් කොට කරන්නේ ධාර්මික කටයුතුද යන්න ප්‍රශ්න කරන්නට ධර්මයට අනුව සමාජයට අයිතියක් ඇති බවයි.

එසේම කිසිවකු ධනය උපයන්නේ / ලැබෙන්නේ නීත්‍යානුකුලවද, ඒවා වියදම් කරන්නේ / වියදම් කොට කරන්නේ නීත්‍යානුකුල ක්‍රියා සදහාද යන්න ප්‍රශ්න කිරීමට නීතියට අයිතිය ඇති බවයි.

මයි කා මයි පෙට්‍රෝල් න්‍යාය අදාළ කොට සල්ලි අපේ නම් පාටි අපේ නම් ඇදුම් අපේ නම් කාටවත් ඇයි වේදනා කියා අසද්දී, ආලයෙන් පැරදුනු කල රේල්ලුවට ඉරණම බාර දෙන මට්ටමේ තාරුණ්‍යය මේවාද අනුකරණය කරන්නේ නම් / යොමුවන්නේ නම් එයින් නැති ප්‍රශ්න ඒ පවුල් වල, සමාජයේ ඇති වන්නේ නම් අන්න එය ද ප්‍රශ්න කිරීමට සමාජයට සහ බාගේදා ඊට එහා ගොස් නීතියෙන් අයිතිය ඇති විය හැකි කාරණයකි.

එසේම අත දිග හැර වියදම් කරන්නට සල්ලි ඇත්නම්, ඒ බව පෙන්වන්නේ නම් පොඩි මිනිහා නොතලා ඒ වියදම් කිරීම හරහා පෙන්වන ඔවුන්ගේ ආදායමට සාපේක්ෂව ඒ ඇත්තන්ගෙන් සැලකිය යුතු ලෙස බදු අය කරගත්තාට ද පව් නැත.

No comments:

Post a Comment