Sunday, June 3, 2018

ෆැෂන් කිරීම

ෆැෂන් කිරීම වරදක් නැතත් එය මෙරට සංස්කෘතියට අනුකුළ මට්ටමට විය යුතු ය.

මන්ද සල්ලි තමන්ගේ වුවත්, රෙද්ද තමන්ගේ වුවත්, අදින්නේ තමන් වුවත්, පාටියද තමන්ගේ එකක් වුවත් එසේ කරන්නා පුරවැසියෙකු ලෙසින් සිටින්නේ ආගම දහමින් පෝෂිත මෙරට සංස්කෘතිය තුලය. එසේ සිටිනා තාක් කල් මෙරට සංස්කෘතියට අනුව ඇදීමේ බැදීමක් ඒ තැනැත්තාට ඇත.

සිංහල-බෞද්ධ සංස්කෘතිය තුල නම් කාන්තාවගේ ඇදුමේ සංවරභාවය ඉහලම තැනක ඇත.

ශ්‍රී ලංකාව තුල මුස්ලිම්, කතෝලික හා වෙනත් ඇදහීම් වල හර පද්ධතීන් තුලද ඇදුමේ සංවර භාවය බැහැර කර නැත.

එසේම සංස්කෘතිය පසෙකින් තැබුවද සාමාන්‍ය සිහි බුද්ධිය අනුවද අවස්තාව කුමක් වුවද ඇදුමක අවශ්‍යතාවය / බලාපොරොත්තුව තේරුම් ගත හැකි විය යුතු ය. වැද්දන්ද කොල අතු වලින් වුව කරගත යුතු දේ කරති. ඇතැම් කාන්තා විලාසිතා යැයි කියන ඒවා තුල දකින්නට නැත්තේද එය යැයි කීමේ වරදක් නැත.

ඒ අනුව මෙරට සංස්කෘතිය ඉක්මවන / සාමාන්‍ය සිහි බුද්ධියෙන් බැලු කල නොගැලපෙන මට්ටමේ ෆැෂන් පිටරටට ගැලපුනා විය හැකි වුවත් අපිට ගැලපෙන්නේ නැත, ඒ අනුව ශ්‍රී ලංකාව තුල කරනා එවැනි දෑට විරුද්ධ වන්නට සංස්කෘතිය අගයන, සාමාන්‍ය සිහි බුද්ධියද ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන ඕනෑම කෙනෙක්ට සදාචාරමය අයිතියක් පැහැදිලිවම ඇත !!!

එය එසේ විය යුතුද වෙයි !!!

අනෙක් අතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (ඊ) අනුව ඇත්තේ පුරවැසියෙකුට සංස්කෘතිය භුක්ති විදීමට, වැඩි දියුණු කිරීමේ නෛතික අයිතියක් පමණි. ඒ මිසක සංස්කෘතිය පරිහානියට ලක් කිරීමට අයිතියක් නැත! එසේ කරන්නේ නම් එයට විරුද්ධ වන්නට අනෙක් තැනැත්තන්ට නෛතික අයිතියක්ද පැන නගී.

එයද එසේ විය යුතුද වෙයි !!!

No comments:

Post a Comment