Tuesday, February 26, 2019

ගීත සහ එහි හඩෙහි මට්ටම සම්බන්ධ නීති ???

බස් රථ වල වාදනය කරනා ගීත සම්බන්ධව සහ ඒවා වාදනය වන්නට හැරිය යුතු ශබ්ද තිව්රතා මට්ටම ( ඩෙසිබල් ) පිලිබදව යම් නීතිමය තත්වයක් ගෙන ඒමට ලංකා ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති බවට පුවතක් විය.

එය මගී ජනතාවගේ පැත්තෙන් ප්‍රයෝජනවත්ය.

ඒ වනාහි ආදරයෙන් පැරදී දෙන ලතෝනි / විලාප සංගීතය ලෙස රසවිදීමට නැඹුරුව ඇති කල්හි කණක් ඇසි කණ තියාගෙන යාමට හැකි වීම පැත්තෙනි.

එහෙත් එයටත් වඩා අවධානය යොමු කල යුතු කාරණයක් ද වේ.

එනම් අදාළ වේග සිමා ඉක්මවා ධාවනය / අපරික්ෂාකාරී / අනවධානයෙන් / නොසැලකිලිමත් ලෙසින් / අනතුරුදායක ලෙසින් ධාවනය කරන්නේද යන්නයි.

එසේ නම් ඒවන්නවුන්ව නීතියේ රැහනට හසු කරගෙන ලකුණු කපා දමා කණ රත්වෙන්නට නීතියෙන් ප්‍රතිකාර කල යුතුවන තත්වයකි.

එහිදී එවන්නවුන්ව නීතියේ රැහැනට කොටු කරගන්නට උක්ත කොමිෂන් සභා නිලධාරින් / පොලිස් නිලධාරින් සහ බස් රථයක ගමන් ගන්නා මගී ජනතාව සේම අවට සිටිනා ජනතාව යන සැවොම දායක විය යුතුද වේ!

No comments:

Post a Comment