Sunday, August 12, 2018

රජයේ සේවකයෙකු වන ඔබට.

රජයේ සේවකයින් සියලු දෙනා පිං පඩි ලේබලය ලබනා අය නොවේ.

එසේ නොවන එක මහත්මයෙක් මා දනිමි. ( ඒ මා ඉක්මනින් ගත් නිගමනයක් නොවේ ) ...

එතුමා මහේස්ත්‍රාත් අධිකරණයක රෙජිස්ට්‍රාර් මහතෙකි. ගන්නා කවර හෝ වැටුපකට එතුමා ණය නැතිව සේවය කරන බව මා හට නම් විශ්වාසය.

දිසා අධිකරණයක ලේඛනාගාරයේද එවැනි රෙජිස්ට්‍රාර් මහතෙක් සිටි.

දිසා අධිකරණයේ නඩු වාර්තා රැගෙන එන මහත්මයෙක්ද වේ.

යමක් විමසු කල ප්‍රියමනාප ලෙසින් පිළිතුරු දෙන සහ වැඩක් කඩිසරව කරදෙන මහේස්ත්‍රාත් අධිකරණයක කාර්යාලයේ සේවය කරනා නෝනා කෙනෙක් ද සිටි.

මහාධිකරණයේ කාර්යාලයේ සහ ලඝු ලේඛක අංශයේ ද එවැනි නෝනා කෙනෙක් වේ.
විශේෂයෙන් සදහන් කල නිසාම එයින් අනෙක් සියලුම දෙනා එසේ නොවේ යැයි අදහස් කරන්නේ නම් නැත. ( "ප්‍රකාශිතයෙන් අප්‍රකාෂිතය බැහැර කෙරේ" යන්න මෙහිදී අදාළ නොවේ )

1. එවැනි තවත් අය සිටිය හැකිය, මා හට මෙතක් හමුවී නැතිවා විය හැකිය.
2. අනිත් අය අතරේ ඔය අය මා හට නම් සිය සේවය සැපයීමේදී විශේෂයෙන් මාගේ මතකයේ සටහන් විය. ( එය ලෙහෙසියකට සිදු වන දෙයක් නොවේ )

ඔබ රජයේ සේවකයෙකු නම් මා ලවා මෙවැන්නක් ලියා ගැනීමට අවැසි නම් කල යුත්තේ මා ඔබගෙන් සේවයක් බලාපොරොත්තුවෙන් පැමිණි කල ආරුඪ කරගැනීමක් ලෙසින් නොව සැබවින්ම දැනෙන ලෙසින් එසේ ක්‍රියාත්මක වීම පමණි.

No comments:

Post a Comment