Sunday, August 12, 2018

නිසි අවස්ථාවේ නිසි තැනට ...

සාමාන්‍යයෙන් අමාරු වන්නේ / අභියෝගාත්මක වන්නේ පළමු වරට යම් කාර්යයක් සිදු කිරීමේදීය ...
මා එය සිදු කර ඇත.

ඒ කුමක් සම්බන්ධවද යත් ,,,

සේවයක් බලාපොරොත්තුවෙන් කාර්යාලයකට ගිය මා නොසලකා හැරි / ඝණකම පෙන්වූ රජයේ සේවකයෙකුව උසාවියේ විනිසුරුතුමා හමුවට රැගෙන එන තැනට පියවර ගැනීමය. මා භාවිතා කලේ වචන කීපයකි !!!

අවැසි වුව හොත් දෙවෙනි වතාවට එය කිරීමට මා හට දැනටම ශක්තිය ඇත!
අවශ්‍ය වන්නේ අවස්තාව උදා කරදීම පමණි.

රජයේ සේවකයෙකු වන ඔබ ඉදිරියට සේවය බලාපොරොත්තුවෙන් එන අය හට, නිතිය පසෙකින් තැබුවද අවම මනුෂ්‍යත්වයක් හෝ නොපෙන්වුයේ නම් / ගෑස් දැමුවේ නම් ඒ ආවේ මා හෝ මා වැනි අයකු නම් ඉහතින් කි දේ ඔබටද සිදු වන්නට පුළුවන / බෙහෙවින් ඉඩ ඇත.

මතක තබා ගන්නට වටින්නේ රාජ කුමාරයාද, නයි පැටියාද සහ ගින්දර ඉතා ස්වල්පයක් වුවද සුළු කොට නොතැකිය යුතු බවය. මන්ද ඒ සියල්ල ස්වල්ප වුවත් භයානක බවේ අඩුවක් නැති නිසාය.
එසේම අලුත් වෘත්තිකයන් වන අප සම්බන්ධවද එසේ සලකා කටයුතු කිරීම වටි!

ඉහත උදාහරණය අනුව සලකා අප සම්බන්ධව ගත යුතු අදහස ගැනීම පමණක් කරන්න. එය වනාහි කාරුණික මතක් කිරීමක් ම පමණි ! ඒ අනුව කටයුතු කිරීම හෝ නොකිරීම ඇත්තේ ඔබ අතේය!

No comments:

Post a Comment