Saturday, May 5, 2018

අදහස් පල කිරීමේදී වෘත්තිකයකු වන ඔබත් එසේ නොවන ඔබත් ...

අදහස් ලියන්නට බිය විය යුතු නැත ... ඊට අයිතිය ඇත ...
එහෙත් පිළිගත හැකි පදනමක් ඇතිව ලිවිය යුතුය ...
කතා කරන්නට බිය විය යුතු නැත ... එයටද අයිතිය ඇත ...
එහෙත් පිළිගත හැකි පදනමක් ඇතිව කතා කල යුතුය ...
නීතිඥවරුන්ට එය විශේෂ ය ...

ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අධිකරණ සංවිධාන පනත බැලු කල අවබෝධ කරගත හැකි ය.
ඒ මන්ද යත් ,,,

යුක්තිය ඉටු කිරීමට සහය දෙන අධිකරණ නිලධාරින් වශයෙන් ඔවුන්ගෙන් අන් හැම තැනැත්තෙකුටම වඩා වෘත්තියමය වගකීමක් බලාපොරොත්තු වන නිසාවෙනි ...

නො එසේ නම් වනු ඇත්තේ ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට ඒ කතාවෙන් හෝ ලිවීමෙන් හානියට පත් තැනැත්තෙකුට අයිතියක් ලැබීමය ...

අධිකරණ සංවිධාන පනතේ 42 (2) ඇත්තේ ඒ වෙනුවෙනි ...

එහි අර්ථය නම් දිවා රෑ නොබලා පාඩම් කොට, ඒ ආකාරයෙන්ම වෙහෙසී විභාග වලට පෙනී සිට, තවත් මාස ගණනාවක් පුහුණු වී බොහෝ කැපකිරීම් කොට ලබා ගත් නීතිඥ වෘත්තීය / කළු ලෝගුව තාවකාලිකව හෝ සදහටම ගැලවී යාමය ...

ඒ නිසා ඔබ නීතිඥවරයෙකු නම් වෘත්තීය කාරනා වලදී / ඊට අදාලව නම් විශේෂයෙන්ම වඩ වඩාත් වගකීමක් සහිතව ක්‍රියාත්මක විය යුතු තැන ඇත ...

ඒ අනුව ඔබ කල්පනාවෙන් ...

නීතිඥ වෘත්තිකයෙකු නොවෙන ඔබද බැහැරව නැත ... ඒ අනුව ලිවීමේදී හා කතාවේදී ඔබටද වගකීමක් ඇත... ඒ තමාට හිමි අදහස් පල කිරීමේ නිදහස සීමාවන් තුල භාවිතා කිරීමය ...
නො එසේ නම් ඔබටද උසාවි එන්නට සිදුවිය හැකිය ...
කොට්ටෝරුවා හොට පටල ගන්නේ කෙසේදැයි අසා ඇතුවට සැක නැත ...
එයට එක් උදාහරණයක් කාලෙකට පෙර ඔබ දැනගන්නට ඇත.
අමතක නම් කියවා බැලිය හැකිය ...
http://www.island.lk/2004/12/08/news1.html
තවත් එක් උදාහරණයක් දැනටම ඔබ දන්නවා ඇත ... එය පවත්නා අධිකරණ කටයුත්තක් නිසා දැක්විය නොහැකිය ...

ඒ ලැයිස්තුවට ඔබත් ඇතුලත් විය හැකිය ...

ඒ නිසා ඔබත් කල්පනාවෙන් ...

No comments:

Post a Comment