Saturday, May 5, 2018

වාර සිමා රහිත විධායක ජනාධිපතිධුරයෙන් ඒකාධිපතියන් බිහිවෙයිද ?

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට ඉල්ලන්නට හැකි වාර සීමාව ඉවත් කිරීම විධායක ජනාධිපතිධුරයෙන් ඒකාධිපතියන් බිහිවීමට තුඩු දෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේද මතය වූ බව වීඩියෝවක දැක්විණි.

 එතුමන්ගේ නෛතික පදනම් අතරේ ඔය කාරණය නම් මා හට නම් එකග වන්නට නොහැකි මට්ටමේ කාරණයකි ...

ඒ හේතු ඇතිව මිස නැතිව නිකම්ම නම් නොවේ ...

3 වන ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය ඇත්තේ ජනතාව සතුව ය, එයිනුත් වැදගත්ම තැනක තියෙනා චන්ද බලය ( එතුමා එදා උසාවියේදී කරුණු දැක්වූ ලෙසින් සහ මාද පිළිගන්නා ලෙසින් ) යන්න ජනතාවට නිදහසේ ක්‍රියාත්මක කරන්නට ඔය කියනා වාර දෙකේ සීමාව පැහැදිලිව බලපෑමක් එල්ල කරනු ලබයි.
ඒ අනුව වාර දෙකේ සීමාවක් දැමීමෙන් සිද්ධ වන්නේ 3 වන ව්‍යවස්ථාවේ දක්වන ජනතා පරමාධිපත්‍යය 4 වන ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කිරීමේදී සිමා කිරීමක් යැයි කීමේ වරදක් නැත, මන්ද පොතට අනුව සහ ප්‍රයෝගිකව වන්නේද එය නිසාවෙනි.

එහිදී කැමැත්ත තිබුණද එයට නීතියෙන් බාධාවක් එක් කොට ඇත ...
ජනතාවට අවැසි නම් අවැසි අයකු අවැසි වාර ගණනක් තෝරා ගන්නට හා අවැසි නම් වෙනත් තේරීමක් කරන්නට අවස්තාව තිබිය යුතු නොවේද...

එයට නීතියෙන් බාධා දැමීමේ ඇති යුක්ති සහගතභාවය කීම ???
එය ඔය ඇතැමුන් කතා කරනා යහපාලනය / ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක්ද ?

නිදහස, සමානාත්මතාවය, යුක්තිය, මුලික මානව අයිතිවාසිකම්, අධිකරණයේ ස්වාධිනත්වය අශ්පර්ශනිය උරුමයන් ලෙසින් දක්වමින්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බව දක්වමින් අනර්ඝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ හිටපු ජනපති ජේ ආර් ජයවර්ධන මහතාද ජනතා පරමාධිපත්‍යයේ චන්ද බලය යන්නට බාධාවක් එක් කර තිබු බව පෙනේ ...

ඒ වාර දෙකේ සීමාව දැමීමෙනි ...

සත්‍ය අසත්‍ය බව කියන්නට මා දන්නේ නැත එහෙත් මා කියවූ ලිපියක නම් තිබුණේ 31 (2) හි ඇති ලෙසින් වාර 2 ක සීමාව එක් කලේ අහවල් ඒකාධිපතියෙකු බිහිවීම වලක්වන්නට නොව 3 වැනි වතාවටත් ජනපතිවරණයකට ඉල්ලන්නට ජේ ආර් ජයවර්ධන මහතාට වයස බාධාවක් වූ නිසා බවයි ...
3 වැනි වර චන්ද බලය උරගා බැලීමේදී තමන්ට ලැබුණු ප්‍රතිචාරය බාරගෙන මහින්ද රාජපක්ෂ මහතා නිහතමානිව පිටවීම තුල ඔය කාගේත් ඒකාධිපති තර්ක සුනු විසුනු වුවාට කිසිම සැකයක් නැත!

එයින් පසුව කිසිවෙකු ඒ ගැන කතාවක් වත් නැත්තේ එනිසා විය යුතුය.

එතැනදීද ඔප්පු වුයේ වාර සීමාවක් දක්වා නැති වුවා ජනතා පරමාධිපත්‍යයේ චන්ද බලය, පාලන බලය ලබා දීමේ හා අවැසි වෙනසක් කිරීමේ එකම සාධකය බවයි ...

ඔය දැන් අප අත් දකිමින් සිටිනා "ඔබට සතුටුයිද දැන්" ලෙසින් අසනා වෙනස බිහිවුයේ 2015.01.08 වෙද්දී අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (2) ව්‍යවස්ථාවේ බලපෑමක් ඇත්තෙම නැති තත්වයකදී ය.

4 වන ව්‍යවස්ථාවෙන් දක්වන ලෙසින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දකින්නට තිබුණු ඒ බාධාව, මහින්ද රාජපක්ෂ මහතා පරිණත දේශපාලඥයකු සහ නීතිඥවරයෙකු වශයෙන් ඉවත් කොට චන්ද බලයට හිමි නිසි තැන ලබා දුන් අතර වත්මන් යහපාලන ආණ්ඩුවෙන් කලේ එය නැවත ආපස්සට ගෙන යෑමය ...

එහි පැහැදිලි අරමුණක් වන්නට ඇත්තේ අහවල් ඒකාධිපතියෙකු බිහිවීම වලක්වන්නට නම් නොව ජනතා මනාපය තිබ්බද එනම් චන්ද බලය ක්‍රියාත්මක කරන්නට උනන්දුව තිබ්බද නැවත වතාවක් ජනපතිවරණයකට ඉල්ලන්නට මහින්ද රාජපක්ෂ මහතාට නෛතික බාධාවක් එක් කිරීමට ය ...

ජනාධිපතිධුරයේ බලතල සිමා කරන්නට අවැසි නම් පාර්ලිමේන්තුවෙන් එය කරන්නට හැකිය. එසේම අධිකරණය දැනට වඩා බලාත්මක කිරීමෙන් එය කල හැකිය ...

ඒ මිස රටට, දැයට හිතැති නම් ඒ බවට ජනතාවටද හැගේ නම් එවැනි පුද්ගලයෙකු අවැසි වාර ගණනක් පත් කරගැනීමට ජනතාවට තිබිය යුතුවන නෛතික අයිතිය යුක්තිමත් පදනමක් නොමැති ලෙසින් සිමා දමා නැති කරනා තැනට යාමට අවැසි නැත ...

No comments:

Post a Comment