Friday, February 7, 2014

"අනුමැතිය" (Consent)

"අනුමැතිය" (Consent) යන්න යම් කිසි ක්‍රියාවක් "වරදක්" හෝ "වරදක් නොවේ" යන්න තීරණය කරන්නාවූ ප්‍රධාන සාධකයකි ! යම් කිසි ක්‍රියාවකින් අපරාධ වරදක් කල තැනැත්තෙකු ලෙස චෝදනා ලැබූ තැනැත්තා (Defendent) තමා කල ක්‍රියාව කරනු ලැබුවේ අපරාධයට බදුන් වූ තැනැත්තාගේ (Victim) අනුමැතිය මත යන්න ඔහුගේ නිදහස පිණිස පවසා සිටිය හැක ! එහෙත් එසේ කියූ පමණකින් එය පිළිගැනීමට ලක් නොවේ ! ඒ සදහා අවශ්‍යතා කීපයක් සම්පූර්ණ විය යුතුය...

එක් අවශ්‍යතාවය සම්පූර්ණ නොකීරිම මත අනුමැතිය යන්න යථා පරිද්දෙන් නොලැබීම පෙන්නුම් කිරීමට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙන සිත් ඇදගන්නා සුළු නඩු තීන්දුවක් වේ ! එනම් R Vs Tabassum (2000) ය. මෙහිදී සිදුව ඇත්තෙ චූදිතයා විසින් පියයුරු පිළිකා අනාවරණය කරගැනීමට වෛද්‍යවරුන්ට සහය පිණිස දත්ත ගබඩාවක් සැකසීමට යැයි කියා තමන් ඒ සදහා සුදුසුකම් ඇත්තෙකු යැයි කාන්තාවන්ට පවසා අනුමැතිය ගෙන කාන්තාවන්ගේ පියයුරු ස්පර්ශ කර තිබේ !

එහෙත් පසුව සොයාගෙන ඇති පරිද්දෙන් පියයුරු පිළිකා අනාවරණය කර ගැනීමක් සදහ නොව එය කර ඇත්තේ කාන්තාවන්ගේ පියයුරු ස්පර්ශ කිරීමට ඔහු තුල තිබූ උවමනාව නිසා බවය ! එහිදී චූදිතයා වරදකරු වූයේ කාන්තාවන්ගේ අනුමැතිය ගෙන තිබුණේ Fraud as to the Nature of the Act යන කරුණ සනාථ කරන්නාවූ නිසාය... එනම් චංචා සහගත ලෙස යටි හිතේ එකක් තබාගෙන තමන් වෙනත් කෙනෙකු යැයි අගවමින් ක්‍රියාත්මක වූ නිසාය, එනම් මෙයින් පැහැදිලි වන්නේ කිසියම් වූ ක්‍රියාවකට අනුමැතිය ලැබීමේ එක් අවශ්යතාවයක් සම්පූර්ණ කිරිමක් ලෙස නීතිය පිළිගන්නේ චංචා සහගත අදහසක් නොමැතිව අදාල ක්‍රියාව සිදු කර ඇත්නම් පමණි !!



No comments:

Post a Comment