Friday, February 7, 2014

පාසැල් වයසේ දුව පුතා, නංගී මල්ලි ගැන සැලකිලිමත් වන්න...

මව්පියන් වෙහෙස මහන්සි වී උපයා දෙන මුදලින් අවශ්යතා සම්පූර්ණ කරගනිමින් පාසැල් ගොස් අකුරු කරන්නට නිවෙසින් සුදුවතින් සැරසී විත් එහෙත් පාසැලට නොගොස් අතරමග දුම්රිය ස්ථාන වල නැවතී සිටින්නාවූ දූ පුතුන් ගැන සමාජය දැනට වඩා අවධියෙන් සිටිය යුතු බව කිව යුතුය.

තමන් අවට සිදුවන්නාවූ දේ සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානය අඩු බව හෝ ඕනෑමකින් යොදවන්නේ නැති බව සිතේ !!!

ගනේමුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කොට එය පසු කරන විට විට කිසියම් වූ පාසැලකට යෑමට සැරසී තරමක් ඈතින් දුම්රියට පිටුපා සිටි සිසුවියක හා සිසුවෙකු එම දුම්රිය ස්ථානයේ සිටිනු මා හට දක්නට ලැබුණි ! ඒ වන විට පාසැල පටන් ගන්නාවූ වේලාව පසුව උදෑසන 9.15 පමණ වන වි තිබිණ ! සතියේ හා පුරා කියා පාසැල පටන් ගත් දියේම මෙසේ දුම්රිය ස්ථානයේ කාලය ගත කරයි නම් ඉතිරි දින කෙසේ ගත වෙනවා විය හැකිද ? දුම්රියට පිටුපා සිටිම මත ඔවුන්ද කරනුයේ නුසුදුසු ක්‍රියාවක් බව දැන සිටින බව පෙන්නුම් කෙරේ ! එසේ වුවද එයින් මිදීමට ඔවුන්ගේ බොලද සිත් ඔවුන්ට ඉඩ නොදෙනවා විය හැකිය ! එය කවර හේතුවක් නිසා ඇතිවුවද භයානක තත්වයකි ! මන්ද එවැනි අයුරින් ඕනෑම වරදක් වුවද වරදක් බව දැන පාලනය කරගැනීමට නොහැකිව සිදු කල හැකි බැවිනි !

එම දුම්රිය ස්ථානයේ බොහෝ පිරිසක් සිටිනු දක්නට ලැබුණ මුත් කිසිවෙකු හෝ ඔවුන් දෙදෙනා අවේලාවේ එලෙස සිටිමින් කාලය ගත කරනුයේ ඇයිදැයි සොයා බැලීම පිණිස දුම්රිය ස්ථානයට හෝ පොළිස් නිළධාරියෙකුට හෝ දැන්වීමට උනන්දුවක් ගෙන ඇති බවක් නොතිබුණි! ( ප්‍රමාද වී පැමිණෙන දුම්රියක සෙනග අතරේ සිරවී යන අපට එවැන්නක් කීරිමට ඕනෑකම තිබුණද එය කල හැක්කේ සිතින් පමණි ) තමන්ගේ දරුවා සොයුරා හෝ සොහොයුරිය නොවුද සමාජය පැත්තෙන් වගකීමක් පුරවැසියන්ට තිබේ !

ආදරය නිසා හෝ වෙනත් හේතුවක් නිසා කාගේ හෝ දෙමව්පියකුගේ දරුවෙකු නොමග යන්නේ නම් එය ඔවුන්ට පමණක් නොව ඔවුන්ද අපද ඇතුලත් සමාජයටම අවැඩ දායක පිණිස පවතින කාරණයකි ! එබැවින් එවැන්නක් වැලක්වීමට සමාජයේ පුරවැසියන් වශයෙන් ඇති වගකීම ඉෂ්ඨ කිරීමට වඩ වඩාත් උනන්දු විය යුතුව ඇත, නො එසේ නම් ඔවුන් අයාලයේ ගොස් ඒ හේතුවෙන් කුමන හෝ ආකාරයක සමාජයේ පරිහාණියට දායක වන්නන් බිහිවීම වැලැක්වීට අපහසු වෙනු ඇති අතරම ඒවාට අපටම වන්දි ගෙවන්නටද සිදුවනු ඇත ! අපගේ දැනුවත් භාවයෙන් එය වලක්වා ගැනීමට හැකිය !

පාසැල් යනවා යැයි කියා, අමතර පන්ති යනවා යැයි කියා දුම්රිය ස්ථාන වල නැවතෙමින් බස් නැවතුම්පලවල්වල දුම්.රිය ස්ථානවල කාලය ගත කරමින් කාලකන්නින් බවට පත්වන්නට අනාගත පරම්පරාවේ දරුවන්ට ඉඩ නොතැබීම පිණිස කටයුතු කිරීමට ඇති සමාජ වගකීම වඩාත් ක්‍රියාශීලිව ඉටු කිරීමට උනන්දු වීම මෙන්ම ඔවුන් පිළිබදව විශේෂයෙන් සොයා බලන්නාවූ විධිමත් ක්‍රියාවලියක අවශ්යතාවයද ඇතිව තිබේ !

No comments:

Post a Comment