Sunday, May 25, 2014

දණ්ඩනයේ පැහැදිලි අවශ්යතාවය මතුවේ ...

කිසියම් වූ ඝාතනයක් ගැන වාර්තා නොවෙන දිනක් වේ නම් ඒ කලාතුරකින් බවත් එය දැන් සාමාන්ය දෙයක් බවට පත්ව ඇතැයි සිතේ !

දඩුවම් දීම සදාචාර නැතැයි කියා බණෙන්ම සමාජයට යහමගට ගන්නට කතා කරනා ඇත්තන්ට අනුව නම් අපරාධයක් වන්නේ කරුමය පලදීමක් නිසාය !!! එපමණකි ! බක පණ්ඩිතයන්ට අනුව එපමණකි ! සියල්ල අහවරය !!! හරිම සිම්පල් ප්ලෑන් එකක්ය... එහෙම උන්දැලා ගැන කතා කිරිමේ ඵලක් නැත!
එකම ආකාරයේ දඩුවමක් සියලුම වැරදි සදහා ප්‍රමාණවත් නම් දණ්ඩ නීති සංග්‍රහයේ / වෙනත් නීතියක එක දඩුවමක් පමණක් දක්වන්නට තිබුණි !!!

නැත ! දඩ හෝ සිරදඩුවමින් පමණක්ම හැම අපාරාධයම පාලනය කල නොහැකි ය... තව දඩුවම් වර්ග 3 ක් ඇත්තේ එබැවිනි !!! හරි නම් තව එකතු කල යුතු යැයි සිතෙන තරම් ය...

හෙට දින මෙලෙස කඩ විමේ අවධානමට ඔබගේ හෝ මගේ මානව අයිතීන් නතුවී නොමැති බව නිසැක ලෙස කිව හැකිද ? පැහැදිලිව නොහැකිය... ඊට ප්‍රාධාන ලෙසට හදුනා ගත හැකි හේතුවකි.
මන්ද යත්, මානව හිමිකම් ලේබලය බබලවන්නට යැයි කියා ප්‍රසිද්ධියේ මතක හිටින්නට කස පාරක් හෝ නොදී එසේම ලැබිය යුතු දඩුවම නියම වූ පසුව එය ක්‍රියාත්මක කොට සමාජයෙන් සදහටම බැහැර විය යුතු තැනැත්තන් එසේ සමාජයෙන් සදහටම බැහැර නොකොට ජීවිත දානය දී තිබීමයි! ඒ අනුව එයින් අයුතු ප්‍රයෝජන ලබමින් සමාජයේ පුරවැසියන්ගේ මානව අයිතීන් මෙසේ කඩ කිරිමට ඇතැමුන් ඉඩ විවර කරගෙන තිබීමේ තවත් බිල්ලක් යැයි කිව හැකි තත්වයකි මේ ! මෙය දැන් හෝ පාලනය කිරීම ඇරඹිය යුතුව ඇත !!!

එමගින් අවසානයේ සිර මැදිරි වල "සිරකරුවෝද මනුශ්යයෝය" යන ලේබලය යටතේ රදවා ඇති සමාජයෙන් සදහටම බැහැර විය යුතු තැනැත්තන් පමණක්ම ඉතිරි වීම වලක්වා ගත හැකි වනු ඇත ...
නො එසේ නම් අන් අයගේ මානව අයිතීන් කඩනා තැනැත්තන් නිසා නිර්දෝශී පුද්ගලයින් සමාජයෙන් වැඩි වශයෙන් බැහැර වෙමින් ඊට වග කිව යුතු යැයි තීන්දු උන අන් අයගේ මානව අයිතීන් කැඩු පිරිස් "සිරකරුවෝද මනුශ්යයෝය" යන ලේබලය යටතේ වැඩි වැඩියෙන් බන්ධනාගාර කරා එකතු විය හැකිය ...

http://nethfm.com/article/13944