Saturday, February 8, 2014

පාරිභෝගිකයින් නොමැතිව වෙලදාම් කරගැනීමට සිතන්නාවු සමහරක්ද සිටිති...

තමන්ගේ අලවි සලෙන් කිසිවක් මිලදී ගැනීමට පැමිණෙන්නාවූ පාරිභෝගිකයා තම වෙලදාම් පවතින්නවූ බව මැනැවින් අවබෝධ කරගෙන තම වැදගත්ම පුද්ගලයා ඔහු බව දන්නාවූ ඇතැමුන් නම් පාරිභෝගිකයාට වදින්නේ නැති ටිකය, එතරම්ම පාරිභෝගිකයාගේ අවශ්යතාවය වෙනුවෙන් හා ඔහු සතුටු කිරිම වෙනුවෙන් කැපවෙන ඇතැම් අලවිකරුවන් අතරේ ඇතැමුන් පාරිභෝගිකයාගේ වටිනාකම දන්නේම නැති තරම්ය... ඔවුන් වැඩි කල් නොගොස්ම අලවිකරණයෙන් කැපි යනු ඇත !!!

මා හිතවත් අයියා කෙනෙක්ට සමගින් සටහන් වගයක ඡාය පිටපත් ලබා ගැනීම පිණිස නගරයේ වූ ඡාය පිටපත් නිකුත් කරන්නාවූ එක් ස්ථානයකට ගියෙමි ! එහි වූ තරුණයෙක් මෙගා ස්ටාර් එකක් ලෙසින් නම් කොට තිබූ එලොවටත් මෙලොවටත් නැති ආකාරයේ විකාර වූ සංගීතයක්ද දමාගෙන එය වෙත බෙහෙවින් අවධානය යොමු කොට සිහින ලෝකයේ පාවෙමින් මෙන් ඒ අතරේ ඡායාපිටපත් නිකුත් කරමින් සිටියේය ! ඔහුට මා හිතවත් අයියා ඡායාරූප ලබාගත යුතු සටහන් පෙන්වා දුන් පසුව ඔහු ඒවා ඡායා පිටපත් කරනු දක්නට ලැබුණි. එය අවසන්ව පරීක්ෂා කරන විට නියම කල ඒවට අමතරව වෙනත් දෑද ඡායාපිටපත් කර තිබුණි, බැරිවීමකින් වැරදීමක් යැයි සිතා එය එතරම් ගණන් නොගෙන සිටියෙමු !

මා ඉන් පසුව ඡායපිටපත් කිරීමට සීමාවන් පැහැදිලිව දක්වා දුන් සටහන්ද ඔහු දිගින් දිගටම ඡයාපිටපත් කරනු දැක මා ඒ පිළිබදව විමසා සිටියේ මා නියම කල දෑ ඡායා පිටපත් කර අවසාන නැත්දැයි විමසමිනි ! ඔහු මා පවසා සිටි සීමාවෙන් එපිටටද ගොස් ඡායාපිටපත් ගසා ගෙන යමින් තිබුණි !එසේ කලෙ ඇයිදැයි මා විමසා සිටි කල ඔහු කීවේ මා නියම කල සීමාව එනම් පිටු ගණන ඔහුට පැහැදිලි වූයේ නැතැයි කියාය (එසේ නම් ඔහු කල යුත්තේ එය දිගින් දිගටම ගසාගෙන යෑම නොව ඒ පිළිබදව මාගෙන් විමසීමය, ඔහු එසේ දිගටම ගසාගෙන යන්නට ඇත්තේ ඔහුට ඡායා පිටපත් කරන්නාවූ ප්‍රමාණයට මුදල් ලැබෙන නිසා යැයි සිතූ නිසාද විය හැක ! මා ඔහු පිළිබදව විමසිලිමත්ව සිට මා නියම කල දෑ ඡායා පිටපත් කර අවසාන නැත්දැයි විමසා නොසිටින්නට ඔහු පොතම ඡායාපිටපත් කරනු ඇත ) පසුව මා කියා සිටියෙ පළමුව මා පැහැදිලිව මුලින් පෙන්වා දුන් බව ඔහුට නැවත නැවත මතක් කර දුනිමි ! මා අසල සිටි අය්යාද එයට සාක්ෂියක් විය ! ඔහු තමන් අතින් වූ වරදට සමාව ගන්නවා තබා තමන් කල වරද පිළිබදව පිළිගන්නට අදි මදි කරද්දි මා පෙන්වා දුන්නෙ තමන් මෙගා ස්ටාර් සංගීතයක් දමාගෙන එය වෙත බෙහෙවින් අවධානය යොමු කොට සිටිමින් කටයුතු කල නිසා නොසැලකිල්ලෙන් ඡායාපිටපත් ගෙන වරදවා ඇති බවය, සත්ය වශයෙන්ම වූයේද එයය... ඔහුට කට උත්තර නැති විය ! එහෙත් එය තමාගෙ වැඩක් බව ඔහු කියූ කල්හි මා නීතිය හදාරන බවද ඔහුට පවසා සිට මාගේ ඡයා පිටපත් ගැන පමණක් නොව මා හිතවත් අය්යාගේද ඡායාපිටපත් වරදවා ඔහු විසින් මුද්‍රණය කර ඇති බව පෙන්වා දී එසේ තිබියදී තමන් කල වරද පිළිගන්නවාදැයි විමසා සිටියෙමි ! එවිට ඔහු සිය වරද පිළිගත්තේය ! සතය් වශයෙන්ම මා ඔහුගේ ක්‍රියාව පිළිබදව ප්‍රශ්න කොට අදහස් විමසීම තුල ඔහුට මුවින් එවදන් එලියට නොදමා සිටින්නට බැරි විය ! මෙගා ස්ටාර් බලමින් සිහින ලොවේ පාවෙමින් සිටි කොලු ගැටයා මා හට චෝදනා එල්ල කිරිමට පැමිණි පසු ඔහුට තමන් වැරදි බව මා විසින් ඔහුට අවබෝධ කරවූයේ එලෙසිනි !!!

තමන් සිහින ලෝක වල පාවෙමින් සිටිමින් තමන්ගෙන් විය යුත්තාවූ වැඩ වරදා වරද තම අත තිබියදී අන් අයට චෝදනා එල්ල කිරීම පලදායි නොවෙන වග හා අන් අයට චෝදාන එල්ල කිරීමට පෙර තමා නිවැරදිව සිටිය යුතු බවද ඔහු අද හෝ මාගෙන් ඉගෙන ගන්නට ඇත ! අපට අවශ්ය නම් අප කියූ දෙයට පිටින් කල මුද්‍රණයන්ට මුදල් ගෙවීම ප්‍රතික්ශේප කිරීමටද තිබුණි ! එහෙත් එතරම් විශාල මුදලක් නොවෙන බැවින් එසේ නොකොට වරදවා මුද්‍රණය කල ඡායා පිටපත් වලටද මුදල් ගෙවා එමගින් මුදල නැමති සාධකය කියන්නාවූ වැදගත් දෙයින් ඉවත් කොට ඔහු කල ක්‍රියාවට පිළිතුරු වශයෙන් කියන්නට තිබෙන වැදගත් කරුණු වලින් බිදක් පමණ නීතියට අනුව කියා පාරිහෝගිකයින්ට සලකන්නට ඉගෙන ගන්නා ලෙසද අවසාන වශයෙන් මා ඔහුට පවසා සිටිමින් නැවත එහි නො එන බවද දන්වා හිතවත් අයියා සමග ඉන් පිටවූයෙමි !!! මා පෙන්වාදුන් කරුණු මතක තිබෙන තාක් ඔහු නැවත තමන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන්නාවූ මිනිසෙකුගේ වැඩක් ඒ අයුරින් කරදෙනු ඇත ! නො එසේ නම් ඉදිරියේදී වෙනත් කාගෙන් හෝ නීතියට අදාල මා කියාදුන් පාඩමට එහා ගිය රසවත් පාඩමක් ප්‍රායෝගිකවම ඉගෙන ගනු ඇත !!!

No comments:

Post a Comment