Friday, February 14, 2014

සමාජය යහපත්ව පවත්වාගැනීම යන එකම අරමුණ වෙත ලගාවීමේදී ආගමේ කාර්යභාරය හා නීතියේ කාර්යභාරය

සමාජය යහපත්ව පවත්වාගැනීම යන එකම අරමුණ වෙත ලගාවීමේදී ආගමේ කාර්යභාරය හා නීතියේ කාර්යභාරය යනු යම් අතිපිහිතවීම් තිබුණද, එකග නොවීම් තිබිය හැකි වුවද කාරණා දෙකක් වශයෙන් ගත යුත්තකි. ආගමික වශයෙන් සමාජය යහපත් කිරිමට නීතියද, නීතියෙන් සමාජය යහපත් කිරීමෙ කාර්යයට ආගමද යම් මැදිහත් වීමක් තිබිය හැකි වුවද අයුතු ලෙස මැදිහත් වීම නුසුදුසුය. මන්ද ආගමෙන් හා නීතියෙන් අවසාන ඵලය ලෙස ලබාගැනීමට බලාපොරොත්තු වෙන එකම කාරණය වන සමාජය යහපත්ව පවත්වාගැනීම යන එකම අරමුණ වෙත ලගාවීමේදී එක්ව මෙන්ම වෙන් වෙන්වද ගමන් කිරීමට ආගමට හා නීතියට සිදුවන බැවිනි...

එසේ ආගමට නීතියෙන් යම් මැදිහත්වීමක් ලබාදෙන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය. අයෙකු මනුශ්‍ය ඝාතන කරමින් යයි නම් එය ඔහු තමාගේ සසර ගමන දිගු කරගැනීමට කරගන්නවූ අකුසල කර්මයකැයි ද ඔහු නිසා මරනයට පත්වන්නන් පෙර ආත්ම භවයන්හිදී අකුසල කර්ම කර තිබී ඒවාට විපාක මේ භවයෙදී ලබන බව පවසා එම විශම ක්‍රියකාර්ත්වය ආගමට අයත් දෙයකැයි පවසා කරබා සිටිය නොහැකිය... එයට නීතිය මැදිහත්ව විශම ක්‍රියාකාරිත්වයක් මෙහෙයවන පුද්ගලයාට දඩුවම් දිමෙන් සමාජයෙ අනිකුත් තැනැත්තන් පෙරකී පුද්ගලයා නිසා අගතියට පත්වීම වැලැක්විය යුතුවෙ...

පන්සලකට යන විට සුදු ඇදුම් ඇදගෙන යෑම සිරිතක් වශයෙන් පවතී. එහෙත් එය නීතියෙන් බලාත්මක කර පන්සලකට යන විට සුදු ඇදුම් ඇදගෙන නොයනා තැනැත්තන් යම් ආකාරයක දැඩි දන්ඩනයට ලක් කිරීමක් කරයි නම් එමගින් වනු ඇත්තෙ සියල්ලන්ම සුදු ඇදගෙන පන්සල් වෙත පැමිණීමට වඩා රාජකාරි කටයුතු/පුද්ගලික වැඩ කටයුතු අතරේද පන්සලක් වෙත පැමිණෙන දෙනාද එසේ නොපැමිනීමය... එබැවින් එය නීතිය ආගම වෙත අයුතු කඩා වැදිමක් ලෙස දැක්වීමට සිදුවේ.

යම් වරදකට වැරදි කරුවන් වී යම් කාලයක් සිරගතව සිට ඒ අතරතුර පුනරුත්තාපනයට නිසි ලෙස ලක්වී යහපත් කල් ක්‍රියාවෙ නියුතු වන තැනත්තන්ව නීතියෙ ප්‍රතිපාදන තුලින්ම සමාව ලබාදීම හරහා නිදහස් කිරීම සැලකූ විට ආගමික පසුබිමකදී ඔවුන් යහපත් කිරීම හා සම්බන්ධ වන නිසා එය ආගම නීතියට අයුතු ලෙස කඩා වැදීමක් ලෙස දැක්විය නොහැකිය.

එහෙත් නීතිය මගින් වරදකරුවන් කල තැනැත්තන්ව සිරගත කිරිම හෝ ඔවුන් මරණීය දණ්ඩනය වැනි දඩුවම් වලට ලක් කිරීම බුදු දහමට පටහැනි වන බවද ඒසෙ නොකොට කොන්දේසි විරහිතව සිරගතවීමෙන් හෝ වෙනත් දණ්ඩනයන්ගෙන් නිදහස් කොට ඔවුන් පූර්ණ වශයෙන්ම ආගමානුකූලව යහපත් කිරීමට සමාජයට යොමු කරවන ලෙස පැවසුවහොත් එය පැහැදිලිවම නීතියෙ කාර්යභාරයට ආගම අයුතු මැදිහත් වීමකි.

ආගමට කෙසේවත් සම්බන්ධ නැති ඇතැම් දෑ කිරීම පුද්ගලයාගෙ ආරක්ෂාව උදෙසා කල යුතු බව දක්වා ඇති බව පෙනේ. එවැන්නක් නම් මෝටර් සයිකලයක් පදවන විට හිස් වැසුම් පැලැදීම වේ.

එසේම පන්සිල් රැකීම සැලකූවිට එම සිල් පද පහෙන් කඩ කිරීමෙන් අන් අයට හානි සිදුවන අවස්ථාවන් ලෙස නීතිගත කර ඇති සිදුවීම් පමණක් සලකා ඒවාට වැරදි කරුවන් වන තැනැත්තන් දණ්ඩනයට ලක් කිරීම විනා සමස්ථයක් ලෙස පන්සිල් පද පහ එසේම රැකිය යුතු බව නීතිය නොදක්වයි. එහෙත් නීතියෙන් බේරීමට පමණක් නොසිතා පූර්ණ වශයෙන් පන්සිල් පද පහ අනුව ජීවත් වීම යනු කෙනෙක්ගෙ චරිතය හා බැදුනු දෙයකි.

නීතිය මගින් ආගමික රීතිද ශක්තිමත් කරවිය හැකි වුවද, එය යම් තාක් දුරකට අවශ්ය වුවද ආගම මගින් නීතියට අයුතු ලෙස මැදිහත් වීමද, නීතිය මගින් ආගමට අයුතු ලෙස මැදිහත් වීමද යන දෙකම සමාජය පැත්තෙන් හානිදායක අන්තයන් වේ. එබැවින් ඒවා බැහැර කල යුතුය. සුදුසු වන්නෙ කාලීන අවශ්යතාවයද සලකමින් ආගමික පසුබිමක් තුල නීතියද උපරිමව බලාත්මක කොට පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරිමට ක්‍රියා කිරීමය. එතැනදි වැඩි කාර්යභාරයන් නිතැතින්ම නීතියට හිමිවෙනු ඇත. මන්ද ආගමානුකූලව සිතීමට යොමු නොවෙන තැනැත්තන් සිටී නම් ඔවුන්ද වරදකට නීතියෙන් ලැබෙන්නාවූ දණ්ඩනය හේතුවෙන්ම පාලනය වනු ඇති නිසා වේ.

වරදට දඩුවම් ලෙස අතීත රජ දවස ලබාදුන් දෙතිස් වධයන් හි තිබුණු ශ්‍රී ලංකා දණ්ඩ නීතී සංග්‍රහයට ඇතුලත් කර තිබූ එකම දණ්ඩන ආකාරය වූ කස පහර දීම ඉන් ඉවත් කලද ඒ වෙනුවට ආදේශකයක් ඇතුලත් නොකිරීම අඩුවකි. අධිකරනයෙන් නියම වුවද ඉන් පසුව විධායකයේ ක්‍රියාකාරිත්වයෙන් මරණීය දණ්ඩනයද ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවෙන තත්වයක් තුල වර්තමානයේ වරදට දඩුවම් ලෙස ලබාදෙන සිරදඩුවම්, දඩ හෝ ඊට පහල දඩුවම් වන ප්‍රජා සේවා නියෝග, වැඩ තහනම් කිරීම්, සේවය අත් හිටුවීම් වැනි දෑ ප්‍රමාණවත් නොවෙන බව සමාජයේ ඇතැමුන්ගේ විෂම ක්‍රියාකාර්ත්වයන් ප්‍රායෝගික වෙමින් යන පරිසරය තුල පෙනේ. එබැවින් එවැන්නන්ගෙන් සමාජයට වන හානීය වැලැක්වීමට නීතිය දැඩි වෙමින් පුද්ගලයාට දැනෙන මට්ටමට දැඩිව දඩුවම් දීමට යොමු විය යුතුය.
http://lankacnews.com/sinhala/news/37976/

No comments:

Post a Comment