Friday, June 15, 2018

ප්‍රමාදයෙන් තොරව වැඩ කරගැනීමේ අවශ්‍යතාවය

මිතුරෙකු ගේ ඉල්ලීමට අනුව මහාධිකරණ නඩුවක සහතික පිටපතක් ලබා ගැනීම සඳහා රිසිට් එකක් ලබා ගැනීමට පෙරේදා මහාධිකරණ කාර්යාලයට පය තබා ඒ සම්බන්ධව විමසා වැඩි වේලාවක් යන්නට මත්තෙන් රිසිට් පත පත ලබා ගැනීමට හැකි වූ අතර ඊයේ උදෑසන photo copy අංශයෙන් සහ ලඝු ලේඛක අංශයෙන් විමසීම් කර ලොකු වේලාවක් යන්නට මත්තෙන් ඔවුන් පොරොන්දු වූ පරිදි ප්‍රධාන රෙජිස්ටාර්වරයාගෙන් අදාළ සහතික පිටපත ලබා ගැනීමට හැකි විය.

කලකට පෙර එක් මහාධිකරණයක මා නිරීක්ෂණය කළ දෙයක් විය. එනම් එක්තරා විභාග නඩුවක ඊලඟ දිනයට සූදානම් වීම සඳහා අවශ්‍ය ව තිබූ සාක්ෂි සටහන් ලබාගැනීමට කීප වරක් උත්සාහ කලද ඒවා ලබාගැනීමට නොහැකි වූ බැවින් ඉදිරි දිනයක් ලබා ගැනීමට අවශ්‍ය බව රජයේ නීතිඥවරියක් ගරු විනිසුරුතුමා වෙත කියා සිටින ලදී. විත්තියේ නීතිඥ මහතාගේ ස්ථාවරය විමසූ කල්හි එයට විරෝධතාවය පල නොකල අතර එවැන්නක් තමාට ද සිදු වූ බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව එම සාක්ෂි සටහන් වහාම ලබාදීමට නියෝගයක් කළ අතර ප්‍රමාදයට හේතු දක්වන ලෙසට විනිසුරුතුමන් විසින් රෙජිස්ටාර්වරයාට නියම කරන ලදී. එසේම විනය ක්‍රියා මාර්ග සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කරන ලද බවක් අසන්නට ලැබුණි. එහෙත් එය මා හට පැහැදිලිව නෑසුනි.

කෙසේ නමුත් අනවශ්‍ය ප්‍රමාදය යන්න විනිසුරුතුමා විසින් ඉතා තදින් හෙළා දුටු බව යන්න නම් පැහැදිලිය.

01. ඒ සිද්ධිය නිසාවෙන් හෝ,
02. අද දින සාක්ෂි සටහන් අදාල ගාස්තුවට යටත්ව දෙපාර්ශවයටම නිකුත් කරන ලෙසට නඩු පොතේම විනිසුරුතුමා විසින් සටහනක් දමා ඇති නිසාවෙන් හෝ
03. ඒ සිද්ධියේ සම්බන්ධයකින් තොරව හැබෑවටම ඔවුන්ගේ කාර්යක්ෂමතාව නිසාවෙන්
අදාල සහතික පිටපත අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව මා වෙත ලබා ගැනීමට හැකි විය. ඒ අනුව එය අගය කළ යුතුය. මේ සටහන ඒ වෙනුවෙනි!!!

No comments:

Post a Comment